එන්ඩලා…… එන්ඩලා…. දැන් පෙන්වනවා

මම එදා කිව්වනෙ “දැයට කිරුළ“ ප්‍රදරශණයට අපි ප්ලේන් එකක් ගෙනියනවා කියලා. ඉතින් ඒක බලන්න මහ සෙනගක් ආවා. තවමත් එතනට තමා සෙනග වැඩියෙන් එන්නෙ. මේ තියෙන්නෙ විස්තරේ පින්තූර වලින්ම. බොරු නම් බලන්න.

DSC_0047

DSC_0179

මෙතනම උණු වායු බැලුමකුත් අපි ප්‍රදර්ශණය කලා. මේ තියෙන්නෙ ඒක.

DSC_0177

මේ ඉන්නෙ කට්ටිය යන්න ලෑස්තු වෙලා ප්ලේන් එකේ.

DSC_0033

ඉස්කෝලෙ ළමයින්ටත් ඉවසිල්ලක් නෑ බලනකම්.

DSC_0004

DSC_0051ඉතින් තව ෆොටෝ නම් ඕන තරම්. ළග පාත ඉන්නවනම් බලලා යන්න එන්න. තව වැඩිපුර දවස් දෙකකුත් තියෙනවානෙ.

30 comments:

  1. දුර තමයි කේස් එක නැත්නම් අනිවා එනවා...

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  2. මේ වගේ අවස්ථාවක් ඒ පැත්තෙ මිනිසුන්ට සලසල දුන්න එක ලොකු පිනක්....

    ReplyDelete
    Replies
    1. ඇත්ත මිනිස්සු දක්වපු ප්‍රතිචාර ගැන මම වෙනම ලියන්න හිතන් ඉන්නෙ

      Delete
    2. මටත් හිතුනේ "හිත හොඳ" ට හිතිච්ච දේමයි.
      ලොකු දෙයක් මචං

      Delete
  3. Pattama patta.visa nathwma rata yauwta thanks.
    make hadapu 2 niyama vaddo thhama.next year koheda thiyenne.

    ReplyDelete
  4. අපි නම් ගියා දවස් 2ක් ම.

    ReplyDelete
    Replies
    1. ඉතින් ඇවිත් මට කථා කලා නම් මම සපෝට් එකක් දෙනවානෙ. ඔය කියන දවස් දෙකේම මම හිටියානෙ.

      Delete
  5. කෝ මෙතන එක වැදගත් පොටෝ එකක් අඩුයිනේ..... මෙතන අර රයිට් සහෝදරයා වගේ ඉන්න ඉෂාර කියන පොර නෑනේ....

    ReplyDelete
    Replies
    1. බුවා ඉතින් ඔය සමහර දුනු ඊතල පොරවල් වගේ නෙමේ තිරයෙන් පිටුපසනෙ වැඩ

      Delete
    2. ඒ කිව්වෙ තිරත් ඇඳලද තියෙන්නෙ...... :P

      Delete
    3. ඔය කිව්වෙ මිස්ටර් දුනු ඊතල කථාවක්

      Delete
  6. කිවුවත් වගේ බුද්දියෝ කෝඅ මේ ඉශාර

    ReplyDelete
    Replies
    1. මිනිහා තමයි ෆොටෝ එකේ අනක් පැත්තෙ ඉන්නෙ

      Delete
    2. ඩිලානයා,
      මිනිහා ප්ලෙන් එකට මිනිස්සු නැග්ගම සද්දෙට යනවලු පයිලට් කූඩුවට. මිනිස්සු ඔක්කොම වගේ හිතන්නෙ මේක තනිකර රන් කරන්නෙ මේයා කියලලු.... එයා ගිහිං ඉස්සරහා දොරෙන් බැහැලා එනවලු.... හොහ් හොහ්.... අනේ මන්දා මෙහෙමත් මිනිස්සු.....

      Delete
    3. ෂ් ෂ් සද්ද කරන්න එපා

      Delete
  7. සමහරුන්ට විහිළු වගේ පෙණුනට මෙව්ව තව කොටසකට මහා වටින දේවල් වෙනව. ඒ නිසා සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඉන්දික ඒක ඇත්ත කියලා තේරෙන්න එහෙ ගිහින් බලන්න ඕනා. මිනිස්සු දක්වන ප්‍රතිචාර වලට ඇත්තටම දුක හිතෙනවා. ඇත්තම කිව්වොත් ඇඬෙනවා. මේ මිනිස්සුන්ට සමහර විට ගුවන් යානයක ජීවිතේටම යන්න බැරි වෙයි. ඒකයි ඒ මිනිස්සු පොරකකා ඇතුලට එන්නෙ. මේවා හැමෝටම තේරෙන්නෙ නැහැ.

      Delete
  8. @ඉන්දික උපශාන්ත
    මට හිතුනේත් ඒකමයි ඉන්දික. . .


    මොනව වුනත් මේ ප්‍රදර්ශනේ නරකම එකක් නෙමේ කියලා හිතන්න ඉඩ ලැබුනු මේ පෝස්ට් එකට ස්තූතියි . .

    ReplyDelete
    Replies
    1. දුකා සමහර දේවල් නැත්තෙම නෑ අඩුපාඩු තියෙන. ඒත් මේකෙන් යම් මට්ටමක ඉන්න ජනතාවට යම් යම් දේවල් ලැබුණා. අපේ ගුවන් යානයේ ගමන එක් දෙයක්.

      Delete
  9. ඇත්තෙන්ම මේක හරි වටින දෙයක්.. මමත් විදේශ ගත වෙන්ඩ කලින්.. ගුවන් යානයක ගමන් කරන්ඩ හරිම ආසවෙන් හිටියේ.. ඒ අත්දැකීම මොන වගේ එකක්ද කියලා දැන ගන්ඩ පුදුම කුතුහලයක් තිබුනේ.. ඉතින් මේ උත්සහය ඒ වගේ අයට හොඳ අවස්ථාවක්..

    ReplyDelete
  10. ලක්ශ 28 ආවා කියලා පත්තරේ තිබුනා..නියමයි .....

    ReplyDelete
  11. අද ඇති වෙනකම් එපාවෙනකම් ප්ලේන් වල යන්න ලැබුනට පොඩි කාලේ හෙලිකොප්ටරයකින් ජේ ආර් ලොක්ක අපේ පැත්තට ගොඩ බැස්ස වෙලාවේ දුවල ගියේ උන්දැව බලන්න නෙමේ . හෙලිකොප්ටරය බලන්න . ඈත අහසේ ප්ලේන් එකක් දකින කොට නොපෙනී යනකම් බලන් හිටියේ කොච්චර ආසාවකින්ද . අහසේ පියාඹන කුරුල්ලන්ට කොච්චර ඉරිසියා කලාද..තවමත් පොඩි ළමයි එහෙම ඇති . අර පුංචි එවුන්ගේ හිනාව රටක් වටිනවා නේද ...

    ReplyDelete
  12. ඔව් බින්දි. අපිට අද අගයක් නැති වුණාට මේවා විටන මිනිස්සු කොච්චර ඉන්නවද කියලා තේරෙන්නෙ ටිකක් දුෂ්කර පළාතකට ගියාම ඒ මිනිස්සුන්ගෙ ප්‍රතිචාර එක්ක. මේ ප්ලේන් එකට නැගලා බැහැපු මිනිස්සු අපිට පින් දුන්න විධියට ස්තුති කරපු විධියට අපිට තේරුණා මේක ඒ අයට මහා මෙරක් බව. ඔය පොඩ් අයගේ හිනාව විතරයි පේන්නෙ ඒත් ඇතුලෙදි කොච්චර සතුටින් හිටියද කියල දැක්කම දුක හිතෙනවා. අපි කරපු වියදම අපතේ ගියේ නෑ කියලා හිතුණා

    ReplyDelete
  13. ඒ පැත්තේ හිට්යනම් අපිත් එනවා බලන්න . පොඩි අය ගොඩාක් සතු‍ටු වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් ඒ අය බැහැලා යන කොට කියපුවයි ඇතුළෙදි කියපුවයි මාරයි. ඔය පින්තූරෙන්ම පේනවානෙ ඒක.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අඩේ වැරදි comment එකක් කොපි වෙලා. හරි එක පහල තියෙන්නේ.
    බුද්ධිගේ කාටුන් එකෙන් දැනගෙන මේ පැත්තේ ආවේ. මම කැමතිම දේවල් තියන සයිට් එකක්. දිගටම මේපැත්තේ එනවා. ජය වේවා!

    ReplyDelete
  16. අපේ අහසයි හිස් අහසයි මාරු වෙලා නේද!!!

    ReplyDelete
    Replies
    1. ඔවු බං. එකපාර තුන හතරක් ඕපන් කරන් ඉන්නකොට හිටපුගමන් වම දකුණ මාරුවෙනවා.

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....