Skip to main content

පුත්තලමේ සරුංගල් (Kites Competition at Puttalam)

සරුංගලය කියන්නේ අපි කුඩා කාලයේ භාවිතා කළ සමහර විට අදත් භාවිතා කරන විනෝදාත්මක උපකරණයක්. මේ සරුංගලය අපි හිතනවා ට වඩා ඉතිහාසයක් තිබෙන දෙයක්. මීට වසර 3000 ට විතර ඉස්සර චීනයේ විවිධ කටයුතු විශේෂයෙන් යුධ කටයුතු සඳහා සරුංගල් භාවිතා කර තිබෙනවා. සමහර විට කාළගුණ කටයුතු සඳහාත් එදා මෙන්ම අදත් භාවිතා වෙනවා.
සරුංගලය සරල නිර්මාණයක් වුණාට එය පිටුපස තිබෙන්නෙ ගුවන් යානයක් ඉහළ යන භෞතික විද්‍යාත්මක සිද්ධාන්තයමයි. එනම් පීඩන වෙනස තමයි ඉහළ යාමට භාවිතා කරන්නෙ.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ සිවිල් ගුවන් සේවා සංවර්ධන සහ අධ්‍යාපන කමිටුව ගුවන් සේවා දැනුම පාසැල් දරුවන් අතර ව්‍යාප්ත කිරීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙස හඳුනා ගනු ලැබුවා සරුංගලය වැනි සරළ උපකරණයක් මගින් පාසැල් දරුවන්ට ගුවන් සේවා දැනුම ලබා දීමට. මේ අනුව පසුගිය දිනක එම කමිටුව විසින් පුත්තලම අධ්‍යාපන කලාපයේ උසස් පෙළ පාසල් වල පිහිටුවන ලද ගුවන් සේවා සමාජ අතර සරුංගල් තරඟයක් පැවැත්වීමට කටයුතු යෙදුවා.
මෙම තරඟයේ අරමුණ වුණේ ගුවන් සේවා දැනුම සරළ ආකාරයෙන් විනෝදාත්මකව පාසැල් ළමනු අතර ව්‍යාප්ත කිරීම. ඒ අනුව මූලිකවම ගුවන් සරුංගලය පිළිබඳවත් එහි තාක්ෂණික පසුබිම හා ඉතිහාසය පිළිබදවත් පාසැල් සිසුන් දැනුවත් කිරීම සැප්තැම්බර් 15 දින පුත්තලම නගර සභා ශාලාවේ දී සිදු වුණා. ඉන්පසුව ඔවුන් වර්ග කර කාණ්ඩ දෙකක් යටතේ සරුංගල් තරග පැවැත්වීමට කටයුතු යෙදුවා. එක් පාසැලකට උපරිම සරුංගල් 4 ක් ඉදිරිපත් කිරීමට අවස්ථාව දුන්නා.
මේ සම්බන්ධයෙන් ඉතා ඉහළ උනන්දුවක් මෙම සිසුන් අතර පැවතියා. තරඟය පසුගිය 26 වන දින පුත්තලම නගර සභා පිටියේදී පැවැත්වුණා. පාසැල් 19 කින් කණ්ඩායම් 75 ක් සරුංගල් ඉදිරිපත් කර තිබුණා.
මේ සරුංගල් වල නිර්මාණශීලීත්වයටත් තාක්ෂණික අතින්   ඉහළ   වීමටත්  කණ්ඩායම්  හැඟීමටත් ආදී බොහෝ දේට ලකුණු ලබා දීම සිදු වුණා. සිසුන් අතර ඉතා විශාල උනන්දුවක් මේ සඳහා තිබුණ බව පෙනී ගියේ ඔවුන් ඉදිරිපත් කළ සරුංගල් වල ස්වභාවය අනුව.
මේ තියෙන්නෙ ඒ අවස්ථාවෙ ඡායාරූප කීපයක්.
 DSC_0071 
DSC_0041

DSC_0241
එදින පුත්තලම නගර සභා පිටියේ ඉහළ අහස සරුංගල් වලින් පිරී තිබුණා. අලංකාර දර්ශණයක් මැවිලා තිබුණා. සිසුන් අතර ඉතා විශාල උද්යෝගයක් තිබුණ බව හොඳින්ම පැහැදිලි වුණා.
මේ තරගයට ඉදිරිපත් වුණ සරුංගල් ඇගයීමට ලක් කර ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන තෝරා ගනු ලැබූවා. මේ පහළ තියෙන්නෙ ඒ ස්ථාන හිමිකර ගත් පාසැල්.
පළමු කාණ්ඩය – 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා
1. තලවිල ශාන්ත ආනා මහා විද්‍යාලය
ඩබ්ලිව්. ඒ. නිමේෂ් – කණ්ඩායම් නායක
ජේ. ඒ. ඩී. එස්. මධුශංක
ඉසුරු මධුශංක
ජේ. ඒ. ඩී. ඒ. දියලුම
ඩී. එස්. ප්‍රසංග
DSC_0409
2.මාම්පූරිය රෝමානු කතෝලික මහා විද්‍යාලය
තිලිණ පැතුම් – කණ්ඩායම් නායක
නිමේෂ් මධුශංක
නිමේෂ් රත්න
ග්‍රේෂන් චතුරංග
නිරන්ජන් වර්ණකුලසූරිය
3. මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය
එම්. ටී. චතුර මධුෂාන් – කණ්ඩායම් නායක
ඩබ්ලිව්. සුපුන් දිල්හාර
ඩබ්ලිව්. ඒ. දිල්ෂාන් සුලක්ෂණ
එච්. ඩී. ගයාෂාන් පූර්ණ
කේ. ඩී. චමිත් අසංක
දෙවන කාණ්ඩය  - 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා
1. පාලියාගම සාරිපුත්ත මහා විද්‍යාලය
දිනේෂ් මධුශංක – කණ්ඩායම් නායක
අසේල පණ්ඩුක
උමේෂ් මිලින්ද
වී. ඒ. ජයසූරිය
DSC_0420
2. බණ්ඩාරනායකපුර ආදර්ශ විද්‍යාලය
ශානක නුවන් කුමාර – කණ්ඩායම් නායක
එච්. දිල්ශාන්
පී. රොෂාන්
ජනිත් මධුශාන්
ඩබ්ලිව් දිවිල් ෂිරාන්
3. මූන්දලම සිංහල මහා විද්‍යාලය
මහීෂ විදේශ් – කණ්ඩායම් නායක
සුරංග ප්‍රසාද්
අවිශ්ක ඉඳුනිල්
අන්ජුල මලිත්
ෂෙහාන් සන්දීප

මීට අමතරව සිවිල් ගුවන් සේවාව හා සරුංගලය අතර සම්බන්ධතාව මැයෙන් රචනා තරඟයක් ද පැවැත්වීමට කටයුතු යෙදුවා.
මේ සියළු දෙනාටම වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබූ අතර ඒ සිසුන්ගේ සතුට අපේ සතුටත් වුණා.

Comments

  1. ඉතාමත් අගය කලයුතු වැඩසටහනක්...සරුංගල් යවන්න අපි කවුරුත් කැමතියි.... තවමත් ගමේ ගියාම අගෝස්තු සැප්තැම්බර් කාලවලදී පොඩි අය සරුංගල අරින දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න දිල් කැමතියි....

    විනෝදයට සරුංගල හදන අතර තුර මේ වගේ වැඩසටහනක් එක්ක දරුවන්ව දිරි ගන්වන එක අගය කල යුතුයි....අපේ අහසට ජය....!

    ReplyDelete
  2. අගය කළ යුතු වැඩක්දත් කියලා අහනවා. සරුංගලේ කියන්නෙ ඒකාලේ අපේ වැඩකාර කම පෙන්වන්න තියෙන එකම සෙල්ලම් බඩුව නේ.

    උඹ යද්දි අපිටත් කියන්නඩයි තිබුනෙ. පුත්තලම් පැත්තෙ රවුමක් දාලා යන්ඩ කැමරා කට්ටත් උස්සං අපිත් එනවනෙ එහෙනම්.....

    ReplyDelete
  3. @දිල්
    ස්තුතියි. අපි කවුරුත් ආසයි සරුංගල් යවන්න. මමත් සෑහෙන කාලෙකින් සරුංගලයක් යැව්වෙ.

    @බුද්ධි.
    මම දන්න විධියට අපි උඹේ වැයික්කිය පහුකරන් යන්න ඇත්තෙ. මට සුට්ටක් ක්ලික් වුණා නම් කියනවා. තව තියෙනවා. කියන්නම් ඒවා. අපිත් එක්කම යන්න පුළුවන්.

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප