“ගුවන්සර“ වෙබ් අඩවිය අද දියත් කෙරේ!

මෙතෙක් කාලයක් ගුවන් සේවා ක්ෂේත්‍රය පිළිබඳව සිංහල භාෂාවෙන් තොරතුරු සොයා බැලීමට මාධ්‍යක් නොතීබු අතර ඒ අඩුව පුරවාලමින් “ගුවන්සර“ සඟරාව එළි දැක්වීමට හැකියාව ලැබුණා. එයට ඉමහත් ප්‍රතිචාර ලැබුණ අතර එය පාසැල් දරුවන් අතර ඉතා ජනප්‍රිය විය. මීට සමගාමීව පාසැල් වල ගුවන් සේවා සමාජ පිහිටු වීමටද කටයුතු කළ අතර එය ද වඩාත් ජනප්‍රිය විය.

මේ සේවය දැන් වඩාත් ඉහළ අඩියකට ගෙන එමින් තොරතුරු තාක්ෂණය ද එයට එකතු කිරීමට අප උත්සහ ගෙන තිබෙනවා. එනම් “ගුවන්සර“ නමින් වෙබ් අඩවියක් දියත් කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

එම වෙබ් අඩවිය අද (2011 පෙබරවාරි 23 දින) උදෑසන 11.00 ට කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී ගුවන් සේවා ගරු අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න මැතිතුමා විසින් දියත් කරනු ඇත.

මේ වෙබ් අඩවියෙන් ගුවන් සේවා පිළිබඳ සියළු තොරතුරු, ඉතිහාසය, නව සොයා ගැනීම් ආදී සියලු දේ ද ලබා ගත හැකියි. ඒ වගේම ඉදිරියේදී මේ අඩවියට නව අංග එකතු කිරීමටත් නියමිතයි.

වෙබ් අඩවියට පහත ලිපිනයෙන් පිවිසිය හැකියි. මේ අඩවිය තවමත් ළදරු අවිධියේ පවතින්නෙ. ඔබගේ අදහසුත් රැගෙන මෙය වඩා හරවත් සහ ක්‍රමවත් ආකාරයෙන් සංවර්ධනය කිරීමටයි අපේ අදහස.

www.si.guwansara.lk

මෙය සිංහල හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යන්ගෙන් දැනට ප්‍රකාශයට පත් වන අතර ඉදිරියෙදී දෙමළ භාෂාවත් එහි ඇතුළත් වේවි. ඒ වගේම මේක සිංහල යුනිකෝඩ් භාවිතයෙන් සහ වර්ඩ්ප්‍රෙස් මෘදුකාංගය භාවිතයෙන් සකස් කර තිබෙනවා. එයත් සිංහල යුනිකෝඩ් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් වේවි.

image

ඔබටත් ආරාධනා කරනවා මේ අඩවියට පිවීසී නව දැනුම ලබා ගන්නා ලෙසත් එහි ඔබගේ අදහස් සටහන් කරන ලෙසත්.

7 comments:

  1. අයිය නම් නියමයි මම අද තමා මෙක දක්කෙ

    ReplyDelete
  2. Best of luck! Subscribe to feed of that website!

    ReplyDelete
  3. උණුසුම් සුබ පැතුම්! ඔන්න මමත් ඒ පැත්තෙ යන්නයි යන්නෙ

    ReplyDelete
  4. ඒක නම් නියම වැඩක්. ස්තුති දැණූවත් කලාට

    ReplyDelete
  5. ස්තුතියි දැනුවත් කලට.......

    www.srilankaictchat.blog.com

    ReplyDelete
  6. දැනුවත් කිරීම ගැන ස්තූතියි

    ReplyDelete
  7. වැඩේ නම් ගොඩක් හොඳයි මචෝ.....අපිටත් ආරාධනා කලානම් තමයි හොඳ..........

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....