ගුවන්සර තෙවන නිකුතුව

මා මීට පෙරත් සඳහන් කළා අපේ රටේ ගුවන් සේවා දැනුම අතින් දුර්වලයි කියලා. ඉතින් මේ තත්වයට විසඳුමක් ලෙස “ගුවන්සර“ ලෙස සඟරාවක් සිංහලෙන් එළි දක්වන බව දන්නවනෙ. මේ සගරාවෙ තුන්වන කලාපය දැන් නිකුත් වී තිබෙනවා. 
 මේ  පහළ තිබෙන ඡායාරූපයේ තියෙන්නෙ මෙවර කලාපයේ ඇතුළත් වන දේ.
මෙම සඟරාවේ මුල් කලාප දෙකම අපේ රටේ සියළුම ජාතික පාසැල් වලට දැනටමත් යවා අවසන්. තුන්වන කලාපය එසේ යැවීමට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. නුදුරේ දීම එය ලැබේවි.

පසුගිය කලාප කියවා දැනුම ලබා ගත් පාසැල් වලින් දැනටමත් අපට ස්තුති කර ලිපි එවමින් තිබෙනවා.

ඔබටත් මේ කලාපය නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ පහත ලිපිනට ලිඛිත ඉල්ලීමක් කළ යුතු වෙනවා.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
64, ගාළු පාර 
කොළඹ 03 
මේක කණ්ඩායමක් විධියට නැති නම් යම් කිසි සංවිධානයක් ලෙසට හෝ තනි පුද්ගලයෙකු ලෙසට කළ හැකියි. අනික අමතක කරන්න එපා මේ සඟරාව කියවලා ඒක කරන අයට ගුණ දොස් දන්වන්න. වැඩි විස්තර 0112433213, 0112394798 යන අංක වලින් දේව් සමරජීව මහතා අමතා දැන ගත හැකියි.

5 comments:

  1. ‍ගුවන්සර සගරාව පාසල් ළමුන් වන අප‍ට හරිම වැදගත්..........
    බෝහෝම ස්තුති!!!!!!!!!!!!!

    ReplyDelete
  2. bohoma sthuthii;,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  3. මට මේ magazine එක හොයාගන්න විදිහක් නෑනේ😥කොහෙන්ද ගන්න තියෙන්නේ

    ReplyDelete
  4. මට මේ magazine එක හොයාගන්න විදිහක් නෑනේ😥කොහෙන්ද ගන්න තියෙන්නේ

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....