Skip to main content

ගුවන්සර තෙවන නිකුතුව

මා මීට පෙරත් සඳහන් කළා අපේ රටේ ගුවන් සේවා දැනුම අතින් දුර්වලයි කියලා. ඉතින් මේ තත්වයට විසඳුමක් ලෙස “ගුවන්සර“ ලෙස සඟරාවක් සිංහලෙන් එළි දක්වන බව දන්නවනෙ. මේ සගරාවෙ තුන්වන කලාපය දැන් නිකුත් වී තිබෙනවා. 
 මේ  පහළ තිබෙන ඡායාරූපයේ තියෙන්නෙ මෙවර කලාපයේ ඇතුළත් වන දේ.
මෙම සඟරාවේ මුල් කලාප දෙකම අපේ රටේ සියළුම ජාතික පාසැල් වලට දැනටමත් යවා අවසන්. තුන්වන කලාපය එසේ යැවීමට කටයුතු සම්පාදනය කරමින් පවතිනවා. නුදුරේ දීම එය ලැබේවි.

පසුගිය කලාප කියවා දැනුම ලබා ගත් පාසැල් වලින් දැනටමත් අපට ස්තුති කර ලිපි එවමින් තිබෙනවා.

ඔබටත් මේ කලාපය නොමිලේ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඔබ පහත ලිපිනට ලිඛිත ඉල්ලීමක් කළ යුතු වෙනවා.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය
64, ගාළු පාර 
කොළඹ 03 
මේක කණ්ඩායමක් විධියට නැති නම් යම් කිසි සංවිධානයක් ලෙසට හෝ තනි පුද්ගලයෙකු ලෙසට කළ හැකියි. අනික අමතක කරන්න එපා මේ සඟරාව කියවලා ඒක කරන අයට ගුණ දොස් දන්වන්න. වැඩි විස්තර 0112433213, 0112394798 යන අංක වලින් දේව් සමරජීව මහතා අමතා දැන ගත හැකියි.

Comments

  1. ‍ගුවන්සර සගරාව පාසල් ළමුන් වන අප‍ට හරිම වැදගත්..........
    බෝහෝම ස්තුති!!!!!!!!!!!!!

    ReplyDelete
  2. bohoma sthuthii;,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  3. මට මේ magazine එක හොයාගන්න විදිහක් නෑනේ😥කොහෙන්ද ගන්න තියෙන්නේ

    ReplyDelete
  4. මට මේ magazine එක හොයාගන්න විදිහක් නෑනේ😥කොහෙන්ද ගන්න තියෙන්නේ

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔ...

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැ...

නියමුවා දිවි නසා ගැනීම - Pilot Suicide

LAM Mozambique Airlines යනු මොසැම්බික් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයයි. මොසැම්බික් රාජ්‍ය යේ මපුටෝ ගුවන් තොටුපල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන අතර අප්‍රිකානු මහාද්වීපයේ රටවල් අතර සහ මොසැම්බික් රාජ්‍යය තුළද සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. 1936 දී පමණ ආරම්භ කර ඇති මෙම ගුවන් සමාගම අප්‍රිකානු මහාද්වීපයේ හොඳින් මෙහෙයුම් සිදු කරනු ලබන ගුවන් සමාගමකි. ගුවන් සමාගම පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සිදු වූ ගුවන් අනතුරක් නිසා ලොවේ කථා බහට ලක් වුණා. මෙම අනතුර සිදු වූයේ මපුටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට ඇන්ගෝලාවේ Quatro de Fevereiro ගුවන් තොටුපලට මොහෙයුමක් සිදු කරන අතරවාරයේ දීයි. යානය අනතුරට ලක් වූයේ නැමීබියාවේ Bwabwata ජාතික වනෝද්‍යානය ඉහළින් පියසර කරමින් තිබිය දීය. අනතුරට පත් වූ යානය මෙම ගුවන් අනතුරින් යානය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ගමන් කළ මගීන් 27 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 6 දෙනා ජීවිතක්ෂයට පත් විය. යානය අනතුරට පත් වූ ස්ථානය පරීක්ෂක කණ්ඩායම් ලඟා වූයේ අනතුර සිදු වූ දිනට පසු දින වූ අතර ඒ වන විටත් යානය සම්පූර්ණයෙන් අළු ගොඩක් ව තිබූ බව එම කණ්ඩායම් පවසයි. ගුවන් අනතුර සිදු වූ ස්ථානයේ තිබී යානයේ...