අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි අපේ අහස‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්.
“බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබුණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් (Join with this site) ගණනිනුත් 11 ක් වන Followers  ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි.
මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුපළට ගිහින් තිබුණේ ජීවිතයේ එකම වතාවයි. ඒත් පෙර පාසැල් අවධියේ. මට මතකයි කටුනායක ගුවන් තොටුපළේ වැටක එල්ලිලා නවත්වලා තියෙන ගුවන් යානා දිහා බලන් සිටිය අවස්ථාව. ඒත් අද මට හැකියාව ලැබිලා තියෙනවා ගුවන් යානයක ගමන් කරන්න, කටුනායක ගුවන් තොටුපළේ සිත් සේ ඇවිදින්න. ලෝකයේ විවිධ ගුවන් සමාගම් එක්ක සම්බන්ධකම් පවත්වන්න.
ලංකාවේ ගුවන් සේවා දැනුම, රැකී රක්ෂා ආදියට එකතු වෙලා ඉන්නෙ ඉතා සුළු සංඛ්‍යාවක්. තවත් සරලව කියනවා නම් මීගමුවේ සිට මොරටුව දක්වා සිටින පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් තමයි සිටින්නෙ. නුවර පැත්තෙත් ටිකක් ඉන්නවා. මේකට හේතුව ඔවුන්ට නිතරම මේ දේවල් දකින්න පුළුවන් වීමත් ඔවුන්ගේ ආර්ථික, අධ්‍යාපනික  හා සමාජීය පසුබිමත්. නමුත් මම තාමත් තරයේම අදහනවා අපේ ලංකාවේ ඕනෙම පළාතක ඉන්න ඕනම පුද්ගලයෙකුට මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න හැකියාව තියෙනවා කියලා. මේක විශ්මිත ක්ෂේත්‍රයක්. විශාල රැකියා ගණනක් බිහි කරන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන්න පුළුවන් දෙයක්.
එසේ මේ ක්ෂේත්‍රයට අන් අයට පිවිසෙන්න උපකාරී වන උපරිම දේ මම කරනවා. මගේ රැකියාවෙන් මට කරන්න පුළුවන් දේවල් මම කරලා තියෙනවා. ගුවන් සේවා ක්ෂේත්‍රයට පිවිසෙන්න පහසුම මග තමයි ගුවන් සේවාවක හෝ නියෝජිත ආයතනයක ටිකට් නිකුත් කරන නිලධාරියෙකු වීම. මේ සඳහා දෙස් විදෙස් පාඨමාලා විශාල ගණනක් තිබෙනවා. නමුත් අධික වියදමක් යනවා. මට හැකියාව ලැබුණා මේ තත්වය මගේ ආයතනයට තේරුම් කර දී ඉතාමත් සහනදායී මිළකට ඉහළ දැනුමක් ලබා දෙන පාඨමාලාවක් ආරම්භ කරන්න. දැන් මේ දවස් වල එහි තෙවන කණ්ඩායම සඳහා අයදුම් පත් භාර ගන්නවා. කියන්න සතුටුයි පළමු කණ්ඩායම් දෙකෙන්ම බහුතරයක් දැනටමත් ක්ෂේත්‍රයට පිවිසිලා අවසන්.
අනික් දේ තමයි මේ “අපේ අහස“ සටහන්. මේවායින් ගුවන් සේවා දැනුම කියවන්නන්ට ලැබිලා තියෙන බව පැහැදිලි වෙනවා. ඉදිරියටත් තව තවත් දේවල් කියලා දෙන්න තමයි අදහස. තියෙන සැළසුම් වල විධියට වෙබ් සයිට් එකක් විධීයට යන්න කියලා තමයි අදහස. ඒත් මගේ පැත්තෙන් ඒ සදහා තිබෙන තාක්ෂණික දැනුම ටිකක් මදි. තව ටිකක් කල් යයි ඒ සඳහා.
තවත් දෙයක් කියන්න ඕනෙ. ඒ තමයි මම බ්ලොග් කරණයට පිවිසුනේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒත් සිංහල බ්ලොගර්ස් යුනියන් එක තමයි මාව යොමු කරේ මේ සිංහල බ්ලොග්කරණයට. ඒකෙන් මගේ බ්ලොග්කරණයට වටිනාකමක් එකතු වුණා. ඊට අමතරව කොත්තු සහ ලාංකීය යන සින්ඩිකේටර් දෙකක් ප්‍රයෝජනවත් වුණා සටහන් ප්‍රසිද්ධ කරන්න.   
අවසාන වශයෙන් සියළු දෙනාටම ස්තුතියි දක්වපු ප්‍රතිචාර වලට සහ ලබා දුන්න ධෛර්යට.      

21 comments:

  1. පළමුවෙන්ම මගේ සුබ පැතුම් පළමු වසරට. ඒ වගේම අළුත් විදිහේ බ්ලොගයක් ලියමින් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය දැණුම අවම මට්ටමක පවතින ක්ෂේත්‍රයක් ගැන ඉතාම සාරගර්භ ලිපි ලියමින් අපේ සාමාන්‍ය දැණුම වර්ධනට රුකුල් දිම සදහා සිංහලෙන් ලබා දෙන මේ දැණුමට බෙහෝම ස්තුති. වසරක් තිස්සේ දුන් දැණුම දෙගුණ තෙගුණ කරමින් ඉදිරියටත් අපගේ දැණූම වර්ධනයට රුකුල් දෙන ලිපි ලියන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියා මා ප්‍රා ර්ථනා කරමි.

    ReplyDelete
  2. අයියේ පුළුවන්නම් ලියන්න කාරණයක් කියන්නද? අපි හිතමු මුල් වරට විදේශ ගතවන අයෙකුට (ලංකාවේ) ටිකට් බුක් කිරීමේ සිට ගුවන් තොටුපලේදී කෙරන කාර්යයන් සහ ගුවන් යානයකට ඇතුළුවූ පසු සිදුකළ යුතු ක්‍රියාවන්, අදාල රටට ගොඩ බැසීමෙන් පසු මුහුණදීමට සිදුවන ක්‍රියාවන් සහ නැවත ලංකාව බලා ඒමට අවශ්‍ය වූ විට සිදුකළයුතු ක්‍රමවේදයන් පියවරෙන් පියවරට කියල දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. බණ්ඩාරණායක ගුවන් තොටුපගේ අදාල ස්ථාන වල ඡායාරූප සමග ඉදිරිපත් කරන්නේනම් තවත් වටිනවා. සිතූතියි.

    ReplyDelete
  3. ලාංකීය ජනතාව තුළ අඩු වශයෙන් දැනුමක් පවත්නා විශයයක් ගැන සරලව පැහැදිලි කර දෙන මෙම ලිපි පෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබේවායි සුබ පතමි.

    ReplyDelete
  4. උපන්දිනයට සුභ පැතුම්. තව තවත් හොඳ ලිපි ලියන්නට ලැබේවා!!!
    "Photography සිංහලෙන්" බ්ලොග් අඩවියටත් අදට අවුරුද්දක් පිරෙනවා. www.roosara.info

    ReplyDelete
  5. මලක් පිපෙනවා නම් ඒ සුවඳ විඳින්ට අකමැති කවුද?
    දෙයක් ලියනවානම් නොලියැවෙන නොකියවන්නේ මන්ද?
    තැනක් තියෙනවානම් නිදහසේ සැරිසරන්නට ඒ නුඹ නොවෙද?
    නුඹ කියන්නේ නුඹ ගැන නොවේ ගැන අහස බව නොදනීද?

    -හිතුවක්කාරයා සුබ පැතුම් සමග

    ReplyDelete
  6. ජයෙන් ජය දිගටම ලියමු දිගුගමනකට ආසිරි

    ReplyDelete
  7. සුබ උපන්දිනයක් වේවා.. නොනවතින ගමනකට සුබ පැතුම්!

    ReplyDelete
  8. ස්තුතියි ඔක්කොටම

    ReplyDelete
  9. තවත් දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මිත්‍රයා.........

    ReplyDelete
  10. මේක මම අනිවාර්යෙන් කියවන blog එකක්.. ගොඩක් දේවල් සරලව පැහැදිලිව මෙහි කියල තියනවා.. මේ තුලින් තව බොහෝ දැනුම පාඨකයන්ට ගෙන එන්නට ශක්තිය ලැබේවා...

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සුභ උපන් දිනයක්.ඉතාමත් වැදගත් blog එකක්.

    මම මේක කියවන්නෙ Google reader හරහා. ඒක නිසා ඔයාගෙ stats/counters වලට අහුවෙන්නෙ නැතුව ඇති. මේ වගේ කියවන ගොඩක් දෙනෙක් අනිවාර්‍යයෙන්ම ඇති.

    ReplyDelete
  13. Excellent blog. Please keep the good work up.

    ReplyDelete
  14. I think if you can translate some of the contents of the link given below

    http://avherald.com/

    ReplyDelete
  15. @හසිත, කාංචන, දිමුතු,
    ඔය සියල්ලන්ටම ස්තුතියි.
    @Sadeepa
    Thank you very much.
    @Donald Gaminitillake
    Thank you very much for the information and this is very important link for my career as well.

    ReplyDelete
  16. See my links at you tube

    http://www.youtube.com/watch?v=izgCqlqs2DA

    http://www.youtube.com/watch?v=ERhNZQoxdDA

    My first flight was in 1959!!!

    ReplyDelete
  17. Mr. Donald, pl contact me thru. ishara453@gmail.com

    ReplyDelete
  18. ඉෂාර සයිබර් යායෙ මුල ඉදල ඉන්න පාඨකයෙක් උනාට මම "අපේ අහසට" අලුත්. මම මුල් කාලේ දැනගෙන හිටියෙ නෑ මේ උඔගෙ බ්ලොග් එක කියලා. කෙහොම හරි මම වෙන්නැති කෙරෝලක ඉඳලා අන්තිම පෝස්ට් එක වෙනකං ඔක්කොම පෝස්ට් අඩුම කාලෙකින් කියෝපු පුද්ගලයා. උඔ ඒක දන්නවානෙ.

    මම නං කියන්නෙ මේ බ්ලොග් එක දිගටම කරන්න කියලා. වෙබ් සයිට් එකක් වගේ කරන්න පුලුවන්නෙ බ්ලොග් එකක් උනත්! හොඳ ටෙම්ප්ලේට් එකක් දාලා. තව කට්ටියගෙනුත් අහලා බලන්න. ඕන්නං මමත් උදව්වක් දෙන්නං. පුලුවන් දේවල් වලින්......

    ඔන්න මගෙන් සුබ පැතුම් වසරක් සම්පූර්ණ උනාට!

    උඔ ඈවිල්ලා මේ සිංහල බ්ලොග් අවකාශයේ වෙනස් විදිහෙ බ්ලොග් ලියන සුලු පිරිසෙන් "එකෙක්" වීම ගැනත් මට සතුටුයි!

    ReplyDelete
  19. ස්තුතියි බුද්ධි. මටත් ඕනෙ මගෙම කියලා වෙබ් එකක් කරන්නත මට සතුටුයි උඹත් උදව් කරන්න පුළුවන් කියපු එක ගැන. හදන දවසට අනිවා ඔයාගෙ උදව් ඉල්ලනවා.මම දන්නවා ඔයා මේවා ගැන මට වඩා ඉස්සරහින් ඉන්නෙ කියලා.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....