Skip to main content

ගුවන් යානයේ මගීන් - Passengers of an Airplane

ගුවන් යානයක ගමන් ගන්නා මගීන් විවිධාකාරයි. සමහර විට ඔහු හෝ ඇය සාමාන්‍ය පුද්ගලයෙක් විය හැකියි. තවත් විටක ආබාධිතයෙක් විය හැකියි. නැතිනම් කුඩා දරුවෙක් විය හැකියි. එසේත් නැතිනම් විශේෂ අවධානයකට ලක්විය යුතු පුද්ගලයෙක් විය හැක. ඒවගේම සමහර මගීන් ප්‍රථම වතාවට ගුවනින් යන්නන් විය හැකියි. මේ කොයි ආකාරයේ මගියෙකු වුවද ඒ සැමට තමන්ගේ අවශ්‍යතාවය ඉටුවන ආකාරය අනුව සේවා සැපයීම ගුවන් සමාගමේ වගකීමක්.
මේ ‍කුමන ආකාරයේ මගියෙකු වුවද ප්‍රවේශයපත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී එම ප්‍රවේශපත්‍රය නිකුත් කරනු ලබන ආයතනය විසින් ඒ මගියාගේ අවශ්‍යතාවය ගුවන් සමාගමට දැනුම් දිය යුතු වෙනවා. මේ සඳහා විවිධ කේත භාවිතා කරනවා. ඒ වගේ මගියාගේ ත් වගකීමක් තමන්ට විශේෂ තත්වයන් අවශ්‍ය නම් ඒබව කල් තියාම දැනුම් දීම. එවිට ගුවන් සමාගමට පහසුවක් වෙනවා ඒ අවශ්‍යතා ඉටු කිරීම. කෙසේ වෙතත් යම් ආකාරයක සංකීර්ණ ඉල්ලීම් තිබෙනවා නම් බොහෝ විට ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නා විසින් අදාළ ගුවන් සමාගම සමග දුරකථනයෙන් සම්බන්ධ වී ඒ තත්වයන්ට අවශ්‍ය ‍දේ සපයා දිය යුතුයි.

කෙසේ වෙතත් විශේෂිත මගීන් වර්ග කිහිපයක් සිටිනවා. ඒවා තමයි,

1.      ළමා මගීන් (Child Passengers)
2.      ගර්භනී මව්වරුන් (Pregnant Mothers)
3.      ළදරුවන් (Infants/Babies)
4.      ආගමික මගීන් ( Religious Passengers)

ළමා මගීන් යනුවෙන් හඳුන්වන්නේ වයස අවුරුදු 12 ට අඩු ඒ වගේම 2ට වැඩි මගීන්. මොවුන්ට තනිව ගමන් කළ හැකි කුඩා අය ලෙස හඳුන්වනවා. කොහොම වුණත් මේ අය සම්බන්ධයෙන් කටයුතු කිරීම ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙනවා. මෙවන් මගීන් ගුවන් යානයෙන් ගෙනයාමට පෙර භාරකරුවෙකු විසින් යම් පෝරමයක් පුරවා ගුවන් සමාගමට භාර දිය යුතු අතර ගමනාන්තයේදී මෙම ළමයා භාර ගන්නාගේ විස්තර ද, භාර දෙන්නාගේ නම, ලිපිනය ආදි විස්තර මෙමහි ඇතුළත් වෙනවා.  ගුවන් කාලය තුළ යානයේ කාර්ය මණ්ඩලය ද ගුවන් තොටුපලේ සිටින අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩලය ද ළමයා බලා ගැනීම සිදු කරනවා. මේ දේවල් ලංකාවෙදි නම් දකින්න ටිකක් අමාරුයි.

ගර්භනී මව්වරුන් ගුවනින් ගමන් කිරීමට පෙර වෛද්‍ය වාර්තාවක් ලබා ගෙන යම් අවදානමක් තිබෙනවාද යන්න දැන ගත යුතුයි. කෙසේ වෙතත් සාමාන්‍ය තත්ව යටතේ දී මුල් ගර්භනී අවස්ථා වලදී ගුවනින් යාම එතරම් බරපතල කටයුත්තක් නෙවේ. නමුත් ගර්භනී මාතාවක් ගුවනින් ගෙන යාම යම් අවදානමක් සහිත ක්‍රියාවක් මේ පිළිබඳව මෙතනින් වැඩි විස්තර බලන්න.

වයස අවුරුදු 2 ට අඩු අය ළදරුවන් ලෙස සළකන අතර අනවාර්යයෙන් වැඩැහිටියෙකු සමග ගමන් කල යුතුයි. නමුත් මේ ළදරුවාට ආසනයක් ලැබෙන්නේ නැහැ. අවශ්‍යය නම් ළදරුවා පහසුවෙන් තබා ගැනීමට “බේබි බාස්කට්” (Baby Basket) එකක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් ළදරුවන් සමග යන අයට ලබා දෙන ආසනය ඉදිරියෙන් වෙනත් ආසන නොමැති අතර ඉදිරියෙන් තිබෙන්නේ බිත්තියක් වැනි කොටසක්. (ගුවන් යානයේ එක් එක් පන්ති වෙන් වන ස්ථාන) මේවායේ අර කළින් කී “බාස්කට්” එක එල්ලීමට ස්ථාන ද තිබෙනවා. යම් හෙයකින් කුඩා ළදරුවන් දෙනෙකු සිටී නම් එක් ළදරුවෙක් සඳහා ළමුන් සඳහා ගෙවන මුදල ගෙවා ආසනයක් වෙන් කර ගත යුතුයි. ඒ වගේම ළදරු ආහාරත් ගුවන් යානයෙන් කළින් දැන්වීමෙන් ලබා ගත හැකියි. විශේෂිත ආරක්ෂිත කබා ද ඔවුන් සදහා සූදානම් කර තිබේ.

සමහර මගීන් ආගමික සංචාර යන අය වන අතර ඔවුන් ට විශේෂ ආහාර අවශ්‍ය නම් ලබා දෙයි. ඒ වගේම ඔවුන් ට අවශ්‍ය වෙනත් දේ ද නිසි පරිදි බොහෝ ගුවන් සමාගම් සපයයි. විශේෂයෙන් “මක්කම” වන්දනාව දැක්විය හැකියි.

මීට අමතරව ආබාධිතයෙක් හෝ රෝගියෙක් සිටී නම් ඔහුට හෝ ඇයට ‍අවශ්‍ය නම් රෝද පුටුවක් ඉල්ලා සිටිය හැකියි. මේ සෑම දෙදයක් ම සැපයීමට ගුවන් තොටුපළ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය සැදී පැහැදී සිටිනවා.

මං හිතන්නෙ මෙයින් යම් දැනුමක් ලැබෙන්න ඇති. කෙසේ වෙතත් ඔබ යම් අවස්ථාවක මගියෙකු ලෙස ගමන් කරනවා නම් ඔබගේ සියළු අවශ්‍යතා ටිකට් පත වෙන් කරන අවස්ථාවේදී දන්වන්න. ඒ වගේම යානය තුළ දී යම් දෙයක් අවශ්‍යය වුවහොත් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට ඒ බව දන්වන්න.




Comments

  1. ළදරුවන්ටත් වැඩි මුදලක් ගෙවා වෙනම ආසනයක් ගන්න පුළුවන්. දරුවන් සහ ළදරුවන් රුගෙන යන අයට අවශ්‍ය නම් කාර් සීට් එකක් නොමිලයේ ගෙනයාමටත් හැකියි.

    ReplyDelete
  2. I need to know more about "ඒවගේම සමහර මගීන් ප්‍රථම වතාවට ගුවනින් යන්නන් විය හැකියි.".

    How can we request this facility ?

    ReplyDelete
  3. පළමුවෙන්ම ගුවන් ගමනක් යන අය ගුවන් යානයේ හා ගුවන් තොටුපළේ දී සිදු කරන කාර්යන් ගැන පැහැදිලි අවබෝධයක් නැති අය වෙන්න පුළුවන්. ඉතිං මේ වගේ අයට තමන්ගේ ප්‍රවේශ පත්‍රය ලබා ගන්නා අවස්ථාවේදී මේ බව සඳහන් කරන්න පුළුවන්. එතකොට ඒ ඒ ගුවන් සමාගමට අනුව විවිධ ආකාරෙයේ පහසුකම් සපයන්න පුළුවන්. ගුවන් තොටුපළේ දීත් එහෙමයි. හැබැයි මේ හැම දේම ගුවන් සමාගමෙන් සමාගමට, ගුවන් තොටුපළෙන් තොටුපළ ට සුළු වශයෙන් හෝ වෙනස් වෙන්න පුළුවන්. අපේ කටුනායක ගුවන් තොටුපළේ දී මේ වගේ උදව්වක් අවශ්‍ය නම් ඒ බව පිටත් වීමේ පර්යන්තයේ තිබෙන උපකාරක කවුළුව වෙත දන්වන්න පුළුවන්. නැතිනම් ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලයට දන්වන්න පුළුවන්. ඔවුන් නිසි පරිදි මග ෙෙන්වාවි.

    ReplyDelete
  4. Thanks Ishara for your explanation.
    My mother will be flying from Colombo to Australia next month and her english knowledge is not enough to handle un-familure situation and this will be her first flight experience. I think she can handle this in LK airport. but I thing its more complex in Singapore. so when I ask for support (Ticketing agent) they said that only available wheel chair support. but my mother can walk without any issues. Appriciate any suggestions. (soory I dont have singala typing experience :))

    ReplyDelete
  5. පළමුවෙන්ම සමාව ඉල්ලනවා පිළිතුරු ප්‍රමාද උනාට. මේ වගේ වෙලාවක දී ප්‍රවේශපත්‍රය ගන්නා අවස්ථාවේදී පද්ධතියට ඇතුල් කරන්න පුළුවන් මෙම මගියාට උදව් අවශ්‍යයි කියලා. නමුත් බොහෝ අවස්ථා වලදී ගුවන් සමාගම් වල ක්‍රියාකාරීත්වය වෙනස්. මේ උදව්ව නොලැබී යන්න පුළුවන්. ඉතිං මට පුළුවන් මේකට ඔබට යෝජනා තුනක් කරන්න. එකක් තමයි ප්‍රවේශ පත්‍රය මිළදී ගන්න ස්ථානයට පවසන්න උදව් අවශ්‍ය බව පද්ධතියට ඇතුල් කරන්න කියලා.(ඉහත දී සහන් කළි වගේ) දෙවනි එක තමයි සිංගප්පූරුවෙදි ගුවන් යානයෙන් එළියට ඇවිත් එතන ඉන්න නිලධාරියෙකුට (ආරක්ෂකයෙකුට/වෙනත් නිලධාරියෙකුට) කටුනායකින් දුන්න ‍"බෝඩින් පාස්" එක පෙන්නීම. එවිට ඔහු/ඇය මගියාව අදාළ දෙසට යොමු කරයි. ‍මේක සරළ ක්‍රියාවක් උනාට දැනට භාවිතයේ තිබෙන ඒ වගේම වඩාත් ඵලදායි ක්‍රමය. තුන්වන ක්‍රමය තමයි ඔබගේ මවට Transfer හෝ Transit යන වචනය කොළයක ලියා දී ඒ ලෙස සඳහන් කරලා තියෙන පුවරුව අනුව ගමන් කිරීමට උපදෙස් දීම. මේ 2 හා 3 යන ක්‍රම දෙකම එකට කරන්නත් පුළුවන්.

    දැන් ඔබට මේ දෙකට සිනහා යන්නත් පුළුවන්. නමුත් වැඩේ වඩා ප්‍රායෝගික මේ විධියට කරන එකයි.

    ReplyDelete
  6. මේ බ්ලොග් එකෙන් ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්න පුළුවන්. දිගටම ලියන්න. ආසාවෙන් ඉන්නේ කියවන්න. ඒ වගේම මම කැමති cabin crew පිළිබදව විස්තර ටිකක් දැන ගන්න. පාඨමාලා මොනාද? මිළ ගනන් කෝමද? අධ්යාaපන සුදුසු කම් මොනාද යනාදි විස්තර. කරුණාකර මේ පිළිබදව ලිපියක් ලියන්නේ නම් ඔබට බොහොම ස්තුති.

    ReplyDelete
  7. @ගීත් (සහෘදයා)
    ස්තුතියි ධෛර්ය දුන්නට. මීළඟ ලිපිය අනිවාර්යයෙන් ඒ ගැන ලියන්නම්.

    ReplyDelete
  8. Thanks for the info Ishara.

    - above 1 & 2 Anonymous -

    ReplyDelete
  9. this is usefull information who wish to aborough.mee get idea how to hadle myself inside the airport ..thanks.:D

    ReplyDelete
  10. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප