"කේළමා" හෙවත් නියමු රහිත ගුවන් යානා - Unmanned Aerial Vehicles (UAV)

ටික දවසකින් මොනවත් ලියන්නත් බැරි උනා. ඒක නිසා ටිකක් වෙනස් එකක් ලියන්න කියලයි හිතුවේ. ඒ කියන්නේ මේක සිවිල් ගුවන් සේවාවට සම්බන්ධ එකක් නම් නෙවෙයි.
පසුගිය දවස් වල පැවති උතුරේ යුද්ධය ඔබ සියළු දෙනාටම තවම අමතක නැතිව ඇතිනෙ. මේකෙදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව ට ඔවුන්ගේ යුධ උපක්‍රම සාර්ථක කර ගැනීමට ඉවහල් වුන බො‍හෝ කාරණා අතරේ දී ගුවන් හමුදාව විසින් භාවිතා කරන ලද නියමු රහිත ගුවන් යානා ඔබට මතක ඇති. මේවායින් මහත් වූ සේවාවක් සිදු වූවා.

නියමු රහිත ගුවන් යානා වලට අද විවිධ නම් භාවිතා කරනවා. ඒ පහත ආකාරයට.
  • UAV - Unmanned Aerial Vehicle
  • RPV - Remotely Piloted Vehicle
  • Drones
කුමන ආකාරයෙන් හැඳින්වූවත් මේවා අධි තාක්ෂණික උපකරණ. විශේෂයෙන්ම මේවා යුධ කටයුතු සඳහා යොදා ගනු ලැබූවත් සිවිල් කටයුතු සදහාද මේවා භාවිතා කරනවා. දැනටමත් වාණිජමය ගුවන් ප්‍රවාහන කටයුතු සඳහා මෙවන් වූ යානා භාවිතා කිරීමට ඇති හැකියාව සොයා බලමින් සිටී. දැනට භාවිතා කරන යානා වල දිග දළ වශයෙන් අඩි 20-30 අතර ද පළල ද එම ප්‍රමාණයම වේ. අඩි 100 ක පමණ යානා සඳහා දැනට පර්යේෂණ කරමින් පවතී.


මෙම නියමු රහිත ගුවන් යානා පිළිබඳ අතීතය සොයා බැලීමේදී ඒ සඳහා දීර්ඝඉ ඉතිහාසයක් තිබෙන බව පෙනී යයි. මුල්ම නියමු රහිත ගුවන් යානා උත්සාහය පිළිබඳව වාර්තා වන්නේ ඔස්ට්‍රියාවෙනි. 1849 වසරේ දී ඔස්ට්‍රියානුවන් ඉතාලියේ වැනීස් නගරය වෙත පුපුරණ ද්‍රව්‍ය පිරවූ බැළුන පා කර හැරීමට උත්සහ කර ඇති අතර සුළඟ නිසා ඒවා යළි ඔස්ට්‍රියාවටම පැමිණ පුපුරා ගොස් ඇත.


මෙම බැළුන් මගින් ආරම්භ වූ නියමු රහිත ගුවන් යානා වල පරිණාමය දෙවන ලෝක යුධ සමයේදී පුපුරණ දුව්‍ය අඩංගු කර ගුවන් යානා නිපදවීම දක්වා පැමිණ ඇත. ඉන්පසුව මිසයිල තාක්ෂණයේදී මෙය යොදා ගෙන ඇති අතර ඉහත දැක්වූ ගුවන් යානා පසුව "කෲස්" මිසයිල ලෙස හඳුන්වා ඇත.



මෙම නියමු රහිත ගුවන් යානා භාවිතයේදී ඇති විශේෂත්වය වන්නේ අවදානම අඩු බවයි. එලෙසම ප්‍රහාරයකින් පසුව නියමුවන් විසින් අදාළ මෙහෙයුම් කොතරම් දුරට සාර්ථකව සිදු කර ඇති දැයි දැන ගැනීමටත් එයින් හැකියාව ලැබේ.


අනාගතයේදී මෙම නියමු රහිත යානා සංකල්පය තවදුරටත් දියුණු වේවි.



6 comments:

  1. ආසාවෙන් කියවනවා. දිගටම ලියන්න.

    ReplyDelete
  2. ඔය Drones කියන ඒවා ඇමරිකන් හමුදාව දැනටත් භාවිතා කරනවා නේද, Video Link තියනවනම් දාන්න

    ReplyDelete
  3. Drones කියන්නෙත් නියමු රහිත ගුවන් යානා වලට භාවිතා වන නමක්. නමුත් එය අතීතයේදී භාවිතා වූ නම. දැනට ‍ඇමරිකානු හමුදාව පමණක් නොව ලෝකයේ බොහෝ හමුදා මේවා භාවිතා කරනවා. මේවා ගැන වීඩියෝ ලින්ක්ස් ඉක්මනටම දාන්නම්.

    ReplyDelete
  4. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....