අද විශේෂ දවසක් නිසා මම හිතුව ගුවන ගැන ලියන්නෙ නැතිව ටිකක් වෙනස් විධියට ලියන්න. මීට වසර 5 කට පෙර ඇති වුණ ඒ ව්‍යසනය නිසා මනුෂ්‍ය ජීවිත විශාල ගණනක් නැති වුණ බව නැවත නැවතත් කියන්න ඕනෙ නැහැනෙ. මේ විපතට පත් වූවන් වෙනුවෙන් සහන සලසන්න අපේම සහෝදර ජනතාව ඉදිරිපත් වුනේ ඉතාමත් ඉක්මනින්. උදේ 0900 ට විතර සුනාමිය සිදු වුණායින් පසු සවස 2 පමණ වන විට කෑම පාර්සල් අරගෙන අවතැන් වූවන් වෙත යන්න තරම් අපේ රටේ අපේම මිනිසුන් කාරුණික වුනා. එදා මේක එච්චර ලොකු දෙයක් නොවුණත් ඇමරිකාවේ සිදුවුණ "කැත්‍රිනා" සුළි සුළඟෙන් අනාථ වූවන් වෙත දින ගණන් යනතුරුත් ආධාර නොලැබුණ විට අපේ මිනිසුන් කොතරම් හොඳද කියලා කියන්න වෙනත් දේ අවශ්‍ය නැහැ.
මේ වෙලාවේ ඒ කියන්නෙ සුනාමියෙන් පස්සේ අපේ රටට විශාල වශයෙන් විදේශාධාර ලැබුණා. මේවා බොහොමයක්, නැතිනම් වැඩිම හරියක් ආවෙ ගුවන් මගින්. ඒ වෙලාවෙදි අපේ ගුවන් තොටුපළ ඉතාම කාර්ය බහුල වුණා. කොච්චර හදිසි අවස්ථාවක් වුණත් වෙනත් රටකට බැහැනෙ අපේ රටේ ගුවන් සීමාව තුළට අනවසරයෙන් පිවිසෙන්න. ඒ වගේම ඇතුළු වන සහ පිටවන යානා පාලනය කිරීමත් මෙහෙයුම් කළමණාකරණය කිරීමත් කළ යුතු වෙනවා. මෙන්න මෙතනදි අපිටත් විශාල කාර්භාරයක් පැවරුණා.
ඒ කියන්නේ පැමිණෙන ගුවන් යානා සහ පිටවන ගුවන් යානා වලට අවසර ලබා දීම සහ පහසුකම් ලබා දීම අපට පැවරුණා. මෙහිදී සිවිල් ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම යන ආයතන ත්‍රිත්වය එක්ව අති විශාල කාර්ය භාරයක් මේ වෙනුවෙන් සිදුකළා. දිවා රාත්‍රී මේ කටයුත්තේ ඔවුන් නියැළුණා. මාගේ දායකත්වය ඉතාම සුළු වුණත් අනෙක් සහෝදර කාර්ය මණ්ඩලය එකාවන්ව සහයෝගයෙන් කටයුතු කළා. (දැන් මේ අපි කරපු දේවල් කියනවා නෙවේ.) අවසානයේදී අපට හැකි වුණා ආධාර රැගෙන ආ සියළු යානා වලට අවසර ලබා දී ඒ සියළු ආධාර ලබා ගැනීමට. එය අපට සතුටක් වුණා. මන්ද අපේ රටේ අසරණ වුණ ජනතාවට අපට හැකි අයුරින් සෙතක් සැළසීමට හැකිවීම නිසා.
අවසාන වශයෙන් මා කැමතියි ඒ අඳුරු අවස්ථාවේ දී ජීවිත අහිමු වූ සියළු දෙනාට ඔවුන් ඇදහූ ආගම සහ විශ්වාසයන් අනුව ඔවුන්ට විමුක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.
ඔයාල මේකත් කියවල බලන්නකෝ
ReplyDeletehttp://adarakatawa.blogspot.com/