නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් කිරීමට පෙර මේ ගැන සිතන්න. - Think before Operate a drone in Sri Lanka - Part 2


Part 1.... Click Here




ශ්‍රී ලංකාවේ ද මෙම නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් රීති පද්ධතියක් පනවා ඇත. මෙහිදී බර අනුව වර්ග කිරීම් සිදු කර ඇති අතර දළ බර කි. ග්‍රෑ. 1 අඩු ගුවන් යානා සඳහා විශේෂ අනුමැතියක් අවශ්‍ය නොවන අතර ඒවා යොදා ගත හැක්කේ වාණිජයමය නොවන විනෝදාත්මක කටයුතු හා අධ්‍යාපනික කටයුතු සඳහායි. ඒසේම ඒවා පෞද්ගලික ඉඩමක එම ඉඩම් හිමියාගේ අනුදැනුම ඇති සිදු කළ යුතුයි. යම් හෙයකින් පොදු ස්ථානයක සිදු කරන්නේ නම් ඒ ක්‍රියාකාරකම කලින් හදුනා ගත යුතුය.
කිලෝ 25 ට වැඩි යානා සඳහා විශේෂ අවසරයක් හා අනුමැතියක් සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ලබා ගත යුතු අතර මෙහෙයුම් සඳහා සහ මෙහෙයම් පුද්ගලයින් සඳහා දැනට පවතින නීති වලට අනුගත විය යුතුයි.
බර කිලෝ 1ත් 25ත් අතර යානා සඳහා සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ හෝ අනුමත ආයතනයකින් හෝ පුද්ගලයෙකුගෙන් අනුමැති ලබා ගත යුතුයි.
ඒ වගේම කිලෝ 1 වැඩි බරක් සහිත ඕනෑම නියමු රහිත ගුවන් යානයක් මෙහෙයවීම සඳහා එම මෙහෙයුම සිදු කරනු ලබන ප්‍රදේශයේ පොලිසියෙන් අවසර ලබා ගත යුතුයි. ඒවගේම මෙහෙයුම සිදු කළ යුත්තේ අනුමත ගුවන් පථයක හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලත් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ හෝ එම ගුවන් යානය අයිති පුද්ගලයාගේ ඉඩමක ය. 

තව දුරටත් එම රීති වල සඳහන් වනුයේ මෙම කිලෝ 1 ට වඩා බර වැඩි යානා මෙහෙයුම් කිරීමේ දී ඒවා යේ හඳුනාගැනීමේ අංකයක් සඳහන් කර තිබිය යුතු බවයි. තවද මෙම මෙහෙයුම් වාණිජ මට්ටමෙන් සිදු කරන්නේ නම් ඒ සඳහා ද අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ අනුමැතිය ලබා ගත යුතුය.
ඒ වගේම වයර් මගින් සම්බන්ධිත යානා මෙහෙය වන්නේ නම් එම වයර් වල උපරිම දිග විය යුත්තේ මීටර් 30 කි.

මීට අමතරව තවත් රිති මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අතර මේ මගින් යම් නියාමනයක් සිදු වී ඇති බව පෙනේ.


නියමු රහිත ගුවන් යානා මෙහෙයුම් සිදු කරන්නන්ව ඒ සඳහා පුහුණු කර බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් දැන් ලොව පුරා සංවාදයක් ඇරඹී තිබේ. මෙය සිදු කල යුත්තක් ලෙස දැකිය හැක්කේ මෙම යානා වල ව්‍යාප්තියත් නොපුහුණු අය විසින් සිදු කරනු ලබන මෙහෙයුම් නිසා වන අවදානම වැඩි වීමත් නිසාය. පසුගිය දිනක ඕස්ට්‍රේලියාවේ පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කුසලාන තරඟ අතරතුර එහි රූපවාහිනි ආවරණය සඳහා යොදාගෙන තිබූ මෙවන් යානාවක් පාලනයෙන් ගිලිහී ගොස් ඇති අතර වාසනාවකට මෙන් කිසිදු පුද්ගයෙකුට හෝ දේපලකට අනතුරුක් සිදු නොවී ක්‍රිඩා පිටියෙන් ඉවතට ගොස් තිබේ. යම් හෙයකින් ජනාකිර්ණ ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩා ලෝලීන් අතරට කඩා වැටුවේ නම් බොහෝ අනතුරු වන්නට තිබිණ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේද නිවසකට මෙවන් යානයක් කඩා වැටී තිබූ අයුරු මාධ්‍ය වාර්තා කර තිබිණ. මේ දේවල් වලින් තව දුරටත් පසක් වන්නේ මේවා යේ මෙහෙයුම් නියාමනයේ වැදගත් කමයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තරයේ අදහස වී ඇත්තේ මෙම නියමු රහිත ගුවන් යානා සඳහාද සාමාන්‍ය ගුවන් යානා සඳහා වන නීතී වලට සමාන නීති පැනවිය යුතු බවත් මේවායේ මෙහෙයුම් නිසා වාණිජ ගුවන් යානා මෙහෙයුම් වලට බලපෑමක් සිදු නොවිය යුතු බවත්ය.


මෙමගින් වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් වලට සිදු වන අනතුරු අවදානම වැඩි වන නිසා ඇමරිකානු ෆෙඩරල් ගුවන් සේවා ඒජන්සිය පවසන්නේ ගුවන් තොටුපලක සිට සැතපුම් 5 ක් වත් දුරින් මෙම මෙහෙයුම් සිදු කළ යුතු බවත් උපරිම මෙහෙයුම් උස අඩි 400 ක් විය යුතු බවත්ය. මෙම දුර සීමා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති රීති වලත් එලෙසම සඳහන්වේ. එනම් එම දුර සීමා වල ට මෙහෙයුම් කල යුතු බවයි.

කෙසේ වෙතත් මෙම නියමු රහිත ගුවන් මෙහෙයුම් දිවයින පුරා කිසිදු වග විභාගයකින් තොරව සිදු වන බවක් පෙනෙන්නට තිබෙන අතර ගුවන් සේවා ක්ෂේත්‍රයට එයින් සිදු වී ඇති අවදානම ක්‍රමයෙන් වැඩි වන බව පෙනේ. විශේෂයෙන් ම නව අත්හදා බැලීම් ආදිය සිදු කිරීමත් පළපුරුද්දක් නොමැති නවකයින් විසින් මෙහෙයුම් සිදු කිරීමත් මෙම අවදානමට හේතු ලෙස දැක්විය හැකියි. මෙම යානා යම් කටයුත්තකට යොදා ගන්නේ නම් ඒ යොදා ගන්නා පාර්ශ්ව මෙම කරුණු පිලිබඳව සැළකිලිමත් වීමත් නීත්‍යානුකූලව ඒවා සිදු කිරීමත් ඉතාමත් වැදගත් වන්නේ එමගින් ශ්‍රී ලංකාවේ ගුවන් යානා මෙහෙයුම් වල සුරක්ෂිතභාවයේ අවදානම අඩු කරන නිසාවෙනි.




5 comments:

  1. ඉතාම දුර්වල පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එය දැන ගැනීමට හෝ ඔබ මෙය කියවූවා නම්. සත්‍යයකි. මා දක්ෂ පරිවර්තකයෙකු නොවේ. මේ බ්ලොග් සටහනෙන් උත්සහ කරන්නේ දැනුමක් ලබා දීමට මිස මාගේ දැනුම හෝ හැකියාවන් ප්‍රදර්ශනයට නොවේ. සමහර විට ඔබ දක්ෂයෙකු විය හැක. ඔබත් හැකි නම් අපේ රටේ මිනිස්සුන්ට ඔබේ දක්ෂතාවයෙන් සේවයක් ඉටු කරන්න. කෙසේ වෙතත් නම නොකියා හෝ පැමිණ මෙහි සටහනක් දැමීම සම්බන්ධයෙන් ස්තුති කරමි. අනෙක් ලිපිත් කියවා දොස් ඇතොත් නිවැරදි කිරීමට උපකාර කරන මෙන් කාරුණික ඉල්ලමි

      Delete
  2. දුර්වල පරිවර්තනයක්, කොහොමද උඹ මේක දුර්වලයි කියන්නේ? කරන එකාගෙ ඇද හොයන්නෙ නැතුව මේ මනුස්සවය අගය කරපං උඹල වගේ නිකං හුකුං නැතුව තමංගෙ දැනුමෙන් වැඩක් කරන එක ගැන. ගං කබරය.

    ReplyDelete
  3. දුර්වල පරිවර්තනයක්??? හරිගස්සල දාපං කෝ අපිට උඹේ හොඳ පරිවර්තනේ බලන්න, යකෝ වැඩක් කරන මනුස්සයින්ව තව ඒවගේ වැඩ කරන්න අගය කරන්න පුරුදු වෙයං, වැරදි හොයන එක නවත්තල. මේ මනුස්සයක් කාලයක් තිස්සේ තමන්ගෙ දැනුම පාවිච්චි කරල ස්වේඡාවෙන් මිනිස්සුන්ට දැනුම දෙනවා, උඹල වගේ කියව කියව ඉන්නෙ නැතුව. ගං කබරය!

    ReplyDelete
  4. Ela bn..owwa ganan ganna epa..😊😊😊

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....