Ethiopian Airlines Flight 961ඉතියෝපියානු ගුවන් සේවයේ ලොමු දැහැගන්වන ගුවන් සැරිය - ෆ්ලයිට් 961



පහත වාර්තා කරන සිද්ධිය ඔබ සමහර විට වීඩියෝවකින් දැක ඇති. මෙම අනතුරු සිදු විට අසල සිටි කාන්තාවක් විසින් ගුවන් යානය අනතුරට ලක් වීම විඩියෝ කර ඇති අතර ඇය සිතා සිටියේ තමන් නැවතී සිටි හෝටලයෙන් ගුවන් යානා සන්දර්ශණයක් එහි සංචාරකයින් වෙනුවෙන් පවත් වන බවයි.  

  මෙම යානයේ ශ්‍රී ලාංකිකයින් 9 දෙනකු ගමන් කර ඇති අතර ඔවුන් 9 දෙනාම මිය ගොස් තිබෙන බවට වාර්තා වේ. ඔවුන් 9 දෙනා ඉන්දියාවෙන් ගුවන් යානයට ගොඩ වී ඇත.

ඒ 1996 නොවැම්බර් මස 23 වන දිනයයි. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 767 වර්ගයේ ගුවන් යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර සිට කෙන්යාවේ නයිරෝබි වෙත ගමන් කරමින් තිබිණ. මගීන් 163 ක් සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක් ගුවන් යානයේ ගමන් කරමින් සිටියහ. මෙම සියළු දෙනා ගත් කල ජාතීන් 35 කට අයත් විය. ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11පසු වී මිනිත්තු 20 ක් වන විට ගුවන් නියමුවෙකු අත් දකින අප්‍රසන්නම කරුණු වලින් එකක් යානය තුළ ආරම්භ විය. ඒ තරුණ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනෙක් විසින් යානය ගුවනේ පැහැර ගැනීමයි. ගුවන් ගමන ආරම්භ වී මිනිත්තු 20 ක් පමණ ගත වන විට මෙම තරුණ ඉතියෝපියානු ජාතිකයින් තිදෙනා ගුවන් යානයේ පසු පස සිට නියමු කුටිය දෙසට ගමන් කළහ. යානය ගුවන් ගත වීමට ප්‍රථම ඔවුන්ගෙන් දෙදෙනෙක් යානයේ වැසිකිලී වල සිටින්නට ඇතැයි පසුව සැක කෙරිණ. එක් අයෙක් ගුවන් යානයේ මැදීන් නියමු කුටිය වෙත දිවයන අතර නොදන්නා අපැහැදිලි භාෂාවකින් කෑ ගසමින් සිටියේය. ඒ විගසම ඔහුගේ සගයින් දෙදෙනාත් ඔවුන් පසුපස දිව ආහ. වයස අවුරුදු 20ත් 30 ත් අතර වූ ඔවුන් එතරම් පළපුරුද්දක් නොමැති මානසිකව ඇද වැටී සිටි සහ මත් ද්‍රව්‍ය භාවිතා කළ අය බව හැසිරීමෙන් පැහැදිලි විය. ඉතා මැනවින් රැවුල බා බටහිර පන්නයේ ඇඳුම් හැඳ පැළද සිටි ඔවුන්ගේ එක් අයෙක් මුහුණ වැහෙන සේ තොප්පියක් ද පැළඳ සිටියේය. 


ඔවුන් නියමු කුටිය වෙත පැමිණෙන විට අයෙක් හෝ දෙදෙනෙක් ඔවුන්ගේ මග අවහිර කළද ඔවුන් නියමු කුටියට ඇතුළු වීමට සමත් විය. විනාඩි 15 කට පමණ පසු සහාය නියමුවාට පහර දී ඔහු නියමු කුටියෙන් ඉවත් කරනු ලැබිණ. ගිනි නිවන උපකරණයකින් සහ ගිනි නිවීමේ දී යම් යම් දේ බිඳීමට භාවිතා කරන පොරවකින් සන්නද්ධ වී සිටි ඔවුන් ගුවන් යානය බෝම්බයකින් පුපුරුවා හරින බවට තර්ජනය කළහ. පසුව ඔවුන් යානයේ අභ්‍යන්තර ඇමතුම් පද්ධතිය තුළින් ඉතියෝපියානු භාෂාවෙන් ප්‍රංශ භාෂාවෙන් සහ කැඩුණ ඉංග්‍රීසි භාෂාවෙන් අමතමින් සඳහන් කලේ ඔවුන් ඉතියෝපියානු රජයට විරුද්ධ බවත් ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ ඉල්ලන බව සහ ළඟක දී සිරගතව නිදහස ලැබූ බවයි. ඒ වගේම ඔවුන් යානයේ මඟ වෙනස් කරන බවත් එය විරුද්ධ වුවහොත් යානය පුපුරුවාහරිණ බවත් සඳහන් කළහ. පසුව අණාවරනය වූ පරිදි ඔවුන් සතු වූ “බෝම්බය“ යනු ආවරණයක දැවටූ මත් පැන් බෝතලයක් බවයි. 


කොල්ලකරුවන් අඩි 39000 ක ඉහළ දී නියමුවාට පවසා තිබුනේ ගුවන් යානය ඕස්ට්‍රේලියාව කරා පියාසර කරවන ලෙසත් මෙම ගුවන් යානයට පැය 11 ක් ගමන් කළ හැකි බව තමන් දන්නා බවත් ය. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ නියමුවා විසින් කරුණු පහද දීමට උත්සාහ කළ අතර මෙම ගමන සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති බව මෙම තරුණයින් ඔහු විසින් පැහැදිලි කර ඇත. ඒ වන විටත් යානයේ ඉන්ධන අවසන් වෙමින් පැවතින. 


එක් කොල්ලකරුවෙක් පිටත රැඳී සිටින අතර තුර අනෙක් දෙදෙනා නියමු කුටිය තුළ රැඳී සිටියහ. පැය හතරක් පමණ වූ මෙම අප්‍රසන්න කාර්යාවලියේ දී කොල්ලකරුවන් නියමු කුටිය හා ඒ ආශ්‍රීත  කලාපය කලබලයකින් තොරව පවත්වා ගැනීමට කැමති වූ අතර ගුවන් යානයේ අනෙක් කොටස් වලට ඔවුන් කිසි විටකත් නොපැමිණිය හ. සමහර අවස්ථාවල නියමු කුටියේ සිටි දෙදෙනා පිටත සිටි පුද්ගලයා සමග ද කථා කළහ. මෙම කොල්ලකරුවන් අනෙක් මගීන් පිළිබඳව කිසිදු උනන්දුවක් නොදැක් වූහ. මගීන් සමග ඔවුන් කිසිදු සම්බන්ධයක් නොපැත් වූ අතර ගුවන් ගමන් බලපත්‍ර හෝ වෙනත් කිසි දෙයක් ලබා ගැනීමට හෝ උනන්දුවක් නොදැක් වූහ. මෙම කොල්ලකෑම අසාමාන්‍ය වූ  අතර මගීන්ට එතරම් එය නොදැණින. ඔවුන් සාමාන්‍ය පරිදි ආහාර ගැනීම නිදාගැනීමය පොත්පත් කියවීම වැනි දේ සිදු කරමින් සිටියහ. 


මෙම කොල්ලකරුවන් සූදානමක් නොමැති අයලෙස මගීන්ට හැඟිණ. මගීන්ගේ මතය වූයේ කොල්ලකරුවන් යානය පිපිරවීමට ඉඩ ඇති බැවින් ගුවන් යානය ගොඩ බෑමෙන් පසුව සිදු කරනවාට වඩා ගුවනේ දී මෙම කොල්ලකරුවන් සමග ගැටීම එතරම් සුදුසු නොවන බවයි.සමහර මගීන් අදහස් කර තිබුනේ ගුවන්  යානය ඉන්ධන ලබා ගැනීමට නැවැත් වූ පසු හිදිසි දොරටුවලින් යානයෙන් පිටතට පලා යාමටයි. කෙසේ වෙතත් කොල්කරුවන් සහ නියමුවන් අතර ඇති වූ සංවාදයත් යානයේ ගමන් දිශාව සහ යානයේ ඉන්ධන අඩුවෙමින් පැවති බවත් මගීන් නොදැන සිටියහ. ඔවුන් සිතා සිටියේ යානය නැගෙනහිර සයරය (Zaire)දෙසට ගමන් කරන බවකි. 


කොල්ලකරුවන්ගේ උපදෙස් අනුව ඉන්දියන් සාගරය මතින් නැගෙනහිර දෙසින් ඕස්ට්‍රෙලියාව දෙසට පදවනවා වෙනුවට ගුවන් නියමුවා විසින් යානය අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ දිගේ දකුණු දෙසට පදවමින් සිටියේය. ගුවන් ගමන ආරම්භ වී පැය තුනහමාරක් ගත වන විට යානය අඩි 39000 සිට 25000 දක්වා පහතට හෙලමින් ගුවන් යානයේ ඉන්ධන අවසන් වීම නිසා එක් එන්ජිමක් ක්‍රියා විරහිත විය. ගුවන් නියමුවා කොල්ලකරුවන්ගේ උපදෙස් පිළිපැද නොමැති බව දැනගත් කොල්ලකරුවන් කලහකාරි ලෙස හැසිරීමට පටන් ගත් අතර බොහෝ දෙනෙකු සිතුවේ ඔවුන් විසින් යානය පුපුරුවා හරිනු ඇතැයි කියාය. මේ අවස්ථාවේ ගුවන් නියමුවා විසින් පළමු වරට මගීන් අමතමින් කියා සිටියේ යානයේ ඉන්ධන අවසන් වෙමින් පවතින බවත් එක් එන්ජිමක් දැනටමත් ක්‍රියා විරහිත වී ඇති බවත්ය. ඔහු තවදුරටත් සඳහන් කලේ කලබල නොමැතිව ඉන්නා ලෙසත් හදිසි ගොඩබෑමකට සූදානම් වන ලෙසත්ය. එසේම ජීවිත ආරක්ෂක කබා වලට හුළං පිරවීමෙන් වැලකී සිටින ලෙස ත් දැනුම් දෙන ලදී. 


මෙම දැනුම් දීමත් සමගම සාමකාමීව සිටි මගීන් නොසන්සුන් වන්නට විය. මුලින්ම ව්‍යාපාරික පන්තියේ මගියෙකු විසින් ජීවිත ආරක්ෂක කබා සොයන්නට විය. කලබල වූ අනෙක් මගීන් අස්වසන්නට ගුවන් සේවිකාවන් උත්සාහ දරන අතරතුර පෙර කී මගියා විසින් ජීවිත ආරක්ෂක කබා සොයාගත් අතර ඔහු විසින් ඒවා බෙදා දෙන ලදී. 


ගුවන් යානය දිගටම පහළට ගමන් කිරීම සිදු වූ අතර සෙළවීමට පටන් ගැණින. මගීන් කීප දෙනෙකු විසින් කොල්ලකරුවන් ට අභියෝග කිරීමට උත්සාහ කලද අනෙක් මගීන් විසින් එසේ නොකරන ලෙස ආයාචනය කෙරිණ. මෙම කාලසීමාවේ දී බොහෝ වේලාවක් ගන්නා ලද්දේ ජීවිතාරක්ෂක කබා පලදින ආකාරය දැනුවත් කිරීමටයි. කෙසේ වෙතත් ගුවන් සේවිකාවන්ගේ උපදෙස් නොතකා මගීන් විසින් ජීවිතාරක්ෂක කබා වලට හුළං පිරවීම ආරම්භ කරන ලදී. (සාමාන්‍ය උපසෙ වන්නේ වතුරට වැටුන පසු ගුවන් යානයේන් පිටතට පැමිණ එසේ කරන ලෙසයි. මන්ද හුලං පිරවූ කබා සමග යානයෙන් පිටතට පැමිණීම අපහසු බැවිනි.)

පළමු දැනුම් දීමෙන් පසුව නියමුවා විසින් ඉතා ඉක්මනින් දෙවන සහ අවසාන දැනුම් දීමත් සිදු කරමින් මගීන්ට දැනුම් දෙන ලද්දේ හදිසි ගොඩ බැසීමකට සූදානම් වන ලෙසයි.ඉදිරියට නැමී හිස පහතට කර ගෙන සිටින ලෙස මගීන් ට දැනුම් දෙන ලදී. මෙම දැනුම් දීමත් සමග යළිත් මගීන් නොසන්සුන් වන්නට විය. මේ අවස්ථාවේ දී ද මහත ශරීරයක් ඇති මගියෙකු කොල්ලකරුවන්ට පහර දී යටත් කර ගනිමු යැයි යෝජනා කළද අනෙක් මගීන් යළිත් වරක් එය ප්‍රතික්ෂේප කරන ලද්දේ කොල්ලකරුවන් යම් පිපිරීමක් සිදු කරනු ලැබුවහොත් එය සියළු මගීන් අනතුරකට ලක් කිරීමක් විය හැකි බවයි. නියමුවා තව දුරටත් සඳහන් කරන ලද්දේ කොල්ලකරුවන් මතක තබා ගන්නා ලෙසත් හදිසියේ පසු අවස්ථාවක දී ඔවුන් හඳුනා ගැනීමට එය උපකාරී වනු ඇති බවත්ය.  


මේ අවස්ථාව වන විට ගුවන් යානයේ ඉන්ධන තව දුරටත් අඩු වෙමින් පැවති අතර දෙවන එන්ජිමද ක්‍රියා විරහිත විය. ගුවන් යානය ක්‍රමයෙන් පහළට එමින් තිබිණ. විදුලිය ක්‍රියා විරහිත වී තිබූ යානය අඳුරේ ගිලි තිබිණ. ගුවන් යානය කෙමොරොස් දිවයින දෙසට ගමන් කරමින් තිබිණ. කොමොරෝ හි “මොරෝනි“ ගුවන් තොටුපලට ගොඩ බෑමට නියමුවාට අවසර දී තිබුණ මුත් ඒ වෙත ළඟා වීමට යානයට නොහැකි බව ඔහු දැන සිටියේය. ඔහු යානය “ගලවා“ සංචාරක නිකේතනය අසල මුහුදට ගොඩ බෑමට උත්සාහ කරමින් සිටියේය. මේ අවස්ථාව වන විට කොල්ලකරුවන් ඔවුන්ගේ උත්සාහය අසාර්ථක බව තේරුම් ගෙන සිටි අතර යානයේ මෙහෙයුම් උපකරණ හැසිරවීමට උත්සාහ කළහ. ඔවුන් උත්සාහ කරන ලද්දේ යානය “ගලවා“ හෝටලයට කඩා වැටීමට සලස්වා කොල්ලකෑම මරාගෙන  මැරෙන මෙහෙයුමක් බවට පත් කීරීමටයි. ගුවන් යානයේ නියමු කුටියේ පැවති කළහකාරී තත්වය පිළිබඳව පැහැදිලි වන්නේ ගුවන් යානය ගොඩ බැස්සවීමකදී පහතට හෙලන පියාපත් වල තිබෙන “ෆ්ලැප්ස්“ එසේ පහතට නොහෙළා පැයට කිලෝමීටර් 200 ක පමණ වේලයෙන් ගුවනේ පාවී යාම නිසාය. කෙසේ වෙතත් මේ ආකාරයට ගුවන් යානය මුහුද වෙත සමීප වෙමින් පැවතිණ. අවසානයේ දී ගුවන් යානයේ එක් පියාපතක අග කොටස මුහුද තුළට කිඳා බැසීම නිසා ඇතිවූ අසාමාන්‍ය තත්වය හේතුවෙන් යානය කැබලි 3 කට කැඩී බිඳී ගියේය. “ගලවා“ හෝටලයට යාර 500 ක් පමණ දුරින් මෙම අනතුර සිදු වූ අතර “මොරෝනි“ ගුවන් තොටුපලට තිබුනේ කිලෝමීටර් 16 ක දුරකි. 175 ක් වූ මගීන් සහ කාර්ය මණ්ඩලයෙන් 123 දෙනකු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්විය. දිවි ගලවා ගත් බොහෝ දෙනෙකු පාවෙමින් තිබූ ගුවන් යානයේ බඳ කොටසේ එල්ලී සිටියහ. යානයේ පසුපස කොටස දියේ ගිලී ගියේය. බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වී තිබුනේ සෘජුවම ගුවන් අනතුර හේතුවෙනි. සමහරක් මියගොස් තිබුනේ පිම්බී තිබූ ජීවිතාරක්ෂක කබා නිසා යානය තුල හිරවීමෙනි. නියමුවා සහ සහායක නියමුවා දිවි ගලවාගත්තවුන් අතර සිටි මුත් කොල්ලකරුවන් ජීවිතක්ෂයට පත් විය. මුල් අවස්ථාවේදී සැකකරුවන් දෙනෙකු පිළිබඳ අවධානය යොමු වූ මුත් පසුව ඔවුන් කොල්ලකරුවන් ලෙස හඳුනා ගැනීමට ජීවත්ව සිටි මගීන්ට නොහැකි විය. ඒ නිසා ඔවුන් නදහස් විය.  


බෝට්ටු සහ යාත්‍රා කිහිපයක් අසල වූ හෝටලයෙන් අනතුරු සිදු වූ ස්ථානයට යවන ලදී. හෝටලයේ විවෘත භෝජන ශාලාව හදිසි ප්‍රතිකාර සහ උපකාරක සේවා මධ්‍යස්ථානයක් බවට පත් කරන ලද අතර සංචාරයක් සඳහා පැමිණි ප්‍රංශ සහ දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් දසදෙනෙක් මෙහි සේවය සඳහා යොදවන ලදී. රෝගීන් පසුව “මොරෝනි“ රෝහල වෙත මාරු කරන ලදී. ඉතිරි වූ මගීන් සහ ගුවන් යානයේ ඉතිරි වූ කොටස් කොල්ල කෑම ද සමහර දේශීය පුද්ගලයින් විසින් කරන ලදී.



මෙම ගුවන් අනතුරු ඉතිහාසයේ වාර්තා වන මාරාන්තික පැහැර ගැනීම් වලින් එකකි. 1990 සිට 1995 දක්වා කාල සීමාවේ දී දේශපාලන රැකවරණ සහ දුප්පත්කමින් මිදී රටින් පළා යාම අරමුණු කරගත් මෙවන් ගුවන් යානා කොල්ල කෑම් 10 ක් ඉතියෝපියාවෙන් වාර්තා වී ඇත. මෙම කොල්ලකෑම් සියල්ලෙන්ම එක් තුවාල සිදු වීමක් වාර්තා වී ඇති අතර සියළු ම කොල්ලකරුවන් යටත් කර ගනිමින් ආරක්ෂා සහිතව ගුවන් ගමන් සිදු කිරීමට හැකියාව ලැබී ඇත. මේ කාල සීමාව තුල එම කලාපයේ සිවිල් ගුවන් සේවය ඉතා බරපතල අනතුරුදායක තත්වයකට මුහුණ දුන් අතර ඉතාමත් අභියෝගාත්මක කාලයක් විය. ඒ වගේම සෑම අවස්ථාවක දීම කොල්ලකරුවන් විසින් වෙනස් ක්‍රමවේද භාවිතා කිරීම නිසා තත්වය තවත් අසීරු තත්වයකට පත් විය.

ශ්‍රී ලාංකිකයින් 9 දෙනාගේ නම් සහ ආසන අංක අනතුරේ අවසන් වාර්තාවේ සඳහන් වන්නේ මෙසේ ය.



මේ වාර්තාව මෙතනින් බලන්න. 

Leul Abate නම් වන මෙම යානයේ නියමුවා මින් පෙර දෙවතාවක්ම කොල්ලකරුවන්ගෙන් තමන් පැදවූ යානය බේරාගෙන ප්‍රවේශමෙන් ගොඩබැස්ස වීමට සමත් වී ඇත. මෙම අනතුරද වලක්වා ගැනීමට ඔහු උපරිම උත්සාහ දරා ඇත.
 
 

16 comments:

  1. වතුර බෝතල් පිස්තෝල වගේ අරක්කු බෝතල් බෝම්බත් තිබිල තියෙනවනෙ.
    මොනව උනත් උඩදිම ගේමක් දුන්නනං කට්ටියට බේරෙන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න කට්ටිය සෙට් වෙලා උඩදිම ඒ අයව අල්ලා ගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඒත් නිවැරදි නායකත්වය තිබිලා නැහැනෙ.

      Delete
  2. කාලකණ්ණි....ගුවන් යානයක් ගැන බේසික් නොලෙජ් එකක්වත් නැතුව කරන්නන් වාලේ හයි ජැක් කරලා අහිංසක ජීවිත ගානක් විනාශ කරලා...

    ඇමරිකන් ප්ලේන් එකක් ඔය වගේ වතුරකට බාලා ඒ පයිලට් ඔක්කොවන්වම බේර ගත්තා නේද ?

    මම ඉස්සර හිතන් හිටියේ එතිහාඩ් කියන්නේ ඉතියෝපියන් ගුවන් සේවය කියලා.. හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ පොඩි දැනුමක් හරි තිබුණා නම් මේ යානයට පැය 11 ක් යන්න පුළුවන් කියලා කියන්නෙ නෑනෙ ඉන්ධන ගැන හිතන්නෙ නැතිව.
      US Airways වල ෆ්ලයිට් 1549 ගැන තමා ඔය කියන්නෙ. ඒක සිද්ධ වුනේ 2009 වර්ෂයේ ජනවාරි මාසයේ එන්ජින් දෙකටම වල් පාත්තයින් රෑනක් වැදුන නිසා ඒවා අක්‍රිය වෙලා. පයිලට් ගුවන් යානය හඩ්සන් ගඟට ගොඩ බැස්සුවා. මේ “ඩිච්“ කරනවා කියලා කියන්නෙ. කිසිදු මගියෙකුගෙ ජීවිතයක් අහිමි වුනේ නැහැ. පස්දෙනෙක් බරපතල තුවාල ලැබුවා. 155 දෙනෙක් සේරම කට්ටිය හිටියා.
      එටිහාඩි කියන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ දෙවන විශාලතම ගුවන් සමාගම.

      Delete
  3. / ඔවුන් සාමාන්‍ය පරිදි ආහාර ගැනීම නිදාගැනීමය පොත්පත් කියවීම වැනි දේ සිදු කරමින් සිටියහ. / මේකනම් මගීන්ගෙ නොසැලකිල්ලෙන් උන දෙයක් . වැඩි හරිය ඉදල තියෙන්නෙ වයසක අයද මේ යානයේ ?

    ReplyDelete
  4. ඔව් ගිම්හානි මගීන් සැළකිලිමත් වුණා නම් අනතුර වලක්වාගන්න තිබුණා.
    වයස ගැන නම් තොරතුරු ලැබුණෙ නැහැ.

    ReplyDelete
  5. ගොං හරක් තුන්දෙනෙක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම!
      නැත්තං ඔහොම ගොන් වැඩක් කරාවිද?

      Delete
  6. වීඩියෝ එක හොදට බැලුවා.. ස්තුතියි මේ තොරතුරු ගෙන එනවාට

    ReplyDelete
  7. හැත්තෑ ගනං වලත් ගුවන්යානා පැහැර ගැනීමේ ‍රැල්ලක් ඇතිවුනා. ඒ කාලේ ගුවන් යානාවල මගීන් වගේ වෙස්වලාගත් කරාටේ පුහුණුව ලත් මාර්ෂල් වරුන් යොදවා තිබුනා මේ වගේ අවස්ථාවල් වලට මුහුණ දෙන්නම.

    ReplyDelete
    Replies
    1. ඔව් Dude එහෙම වැඩි වීමක් තිබිලා තියෙනවා. මුල්ම ගුවන් යානා පැහැර ගැනීම සිදු වෙලා තියෙන්නෙ 1930 දි දකුණු ඇමරිකාවෙදි. 1967- 76 දශකයේ දී තමයි වැඩිම සාර්ථක හෝ අසාර්ථක පැහැර ගැනීම් සිදු වෙලා තියෙන්නෙ. ගණනි 385 ක්.
      මේ ගැන වැඩි විස්තර මෙන්න මේ පොතේ තියෙනවා.
      Commercial Aviation Safety by RODRIGUES
      ඒක Google Books වල කියවන්න පුළුවන් මේ ලිනක් එකෙන්.
      පිටුව 271-272
      https://books.google.lk/books?id=AdQ3AwAAQBAJ&lpg=PA272&ots=0OxfjedMOK&dq=the%20hijacking%20trend%20in%2070%20decade&pg=PA271#v=onepage&q&f=false

      Delete
    2. ස්තුතියි ඉෂාර

      Delete
  8. අර ලයිෆ් ජැකට් කථාව හරි වැදගත්..
    අපට හෙලිකොප්ටර් අන්ඩවෝටර් එස්කේප් ට්‍රේනින් එකේදී මේ වැඩේ හොඳටම තෙරුණා
    පෙට්ටියක් වගේ පොඩි ෆ්ලයිට් කැබින් එකක දාලා සීට් බෙල්ට් දාගන්න කියලා පෙට්ටිය උඩු යටිකුරු කරලා පූල් එකක බස්සනවා...
    උඩියටිකුරු කරන්න කලින් අනතුරු සංඥාව ආහම දොර තියන පැත්තට අතක් තියලා සලකුණු කරගන කියනවා කැරකුණහම අවුල් යන හින්දා...
    ඊට පස්සේ නිශ්චල වුණහම බෙල්ට් එක ගලෝගෙන කැබින් එක සම්පූර්ණයෙන්ම වතුර පිරෙනකල් හුස්ම අල්ලන් ඉඳලා නහයට උඩින් වතුර ගියාම දොර සොයාන ගිහින් එළියට ඇවිල්ලා තමා ජැකට් එක බ්ලෝ කරගන්න ඕනෑ...
    නැත්නම් හිරවෙනවා කැබින් එකේ වහලටම ගිහින්...
    හරි වේගෙන් උඩට එනවා ජැකට් එක ඉන්ෆ්ලේට් වුණහම...
    මෙතැනත් එහෙම ගොඩ දෙනෙක් මැරිලා කියලා කියවෙනවා...
    වීඩියෝවටයි විස්තරේටයි ගොඩක් ස්තූතියි ඉෂාර!

    ReplyDelete
    Replies
    1. ඔව් තිස්ස මේ අනතුරු දිහා බලපුවම පේන්නෙ අනතුරට හේතු සහ මරණ වලට හේතුව නොසැලකිල්ල බවයි. මුලින්ම මේ තුන්දෙනාව මගීන් එකතු වෙලා අල්ලා ගත්තා නම් සේරම හරි.

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....