වීසා ගන්න ඕනෙ නම් ප්ලේන් පූජා කරන්න Shaheed Baba Nihal Singh Gurdwara in Jalandhar

පුරාතණයේ සිටම විවිධ දේවල වලට වන්දනා මාන කිරීම ලෝ වැසියන්ගේ සිරිත විය. ගස් ගල් පවා දේවත්වයෙන් පිදීමට ඔවුන් යොමු වී තිබිණ. අදටත් ලොව සමහර ප්‍රදේශ වල අප විශ්වාශ නොකරන දේ වලට දේවත්වයෙන් සැළකීමට මිනිසා පුරුදු වී සිටී. විශේෂයෙන් ඉන්දියාවේ මේ තත්වය වැඩි වශයෙන් දැකිය හැක. ඒ වගේම පූජා භාණ්ඩ ලෙසද ඔවුන් විවිධ දේ පූජා කිරීමට පෙළඹී සිටී.

ගුවන් යානා ආදර්ශ පූජා භාණ්ඩ ලෙස යොදා ගන්නා දෙවොලක් ඉන්දියාවේ තිබෙන බව ඔබ විශ්වාස කරනවාද? එය සැබවින්ම පවතී. ඉන්දියාවේ පන්ජාබ් (Panjab) ප්‍රාන්තයේ ජලන්දාර් (Jalandhar) ප්‍රදේශයට කිලෝමීටර් 30 පමණ දුරින් පිහිටා තිබෙන ටල්හාන් (Talhan) නැමති ගමේ මේ දෙවොල පිහිටා තිබේ.

image

යම් පුද්ගලයෙකු විදේශ රටක විසා බලාපොරොත්තු වන්නේ නම් මෙම දොවොලට ගුවන් යානයක ආදර්ශයක් පූජා කළහොත් එම වීසා ලැබීම අනිවාර්යයෙන්ම සිදු වන බව මෙම දෙවොලේ බැතිමතුන් විශ්වාස කරයි. මෙම දොවොල සික් ජාතිකයන්ගේ දෙවොලක් වන අතර එය “ෂහීඩ් බාබා නිහාල් සිං දෙවොල“ නමින් හඳුන්වයි.

මෙවන් මිත්‍යා දෘෂ්ඨික පූජාවන් සිනහවට ලක් වුවද ඉරිදා දිනවල මෙම දෙවොලේ පළමු මහලේ තිබෙන ශාලාවේ සෙල්ලම් ගුවන් යානා 80-100 ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි බව මෙම දේවාලයේ කළමණාකාරීත්වය පවසයි. මෙම දෙවොල දැන් පන්ජාබ් භාෂාවෙන් “හවායිජහජ් “ දොවොල යනුවෙන් හඳුන්වයි. එහි අදහස ගුවන් යානා දෙවොල යන්නයි.

image

මෙම පූජා කිරීම් කවදා කෙසේ ඇති වූවා දැයි නොදන්නා බව පවසන මෙම දේවාලයේ කළමණාකාරීත්වය ඔවුන් මෙම මිත්‍යා දෘෂ්ටික අදහස් වලට අනුබල දීමක් සිදු නොකලත් මිනිසුන්ට එය අවශ්‍යනම් එය එසේ සිදු වීමට ඉඩ දෙන බවයි.

කෙසේ වෙතත් මෙම පූජා කිරීම් නිරන්තරයෙන් සිදු වන අතර ඔවුන්ගේ විශ්වාශය එසේ පූජා කිරීමෙන් තම විසා ලබා ගැනීමට හැකියාවක් ලැබෙන බවයි. එක් අයෙක් පවසා සිටියේ තමා පසුගිය වාරයේ බ්‍රිතාන්‍ය වීසා ඉල්ලූ බවත් මෙම දෙවොලට පූජා පැවැත්වූවත් එය නොලැබුණ මුත් මෙවර ඔහු ඇමරිකාවට වීසා ඉල්ලා ඊට වඩා විශාල, වටිනාකමින් වැඩි ගුවන් යානයක් පූජා කරන බවත්ය.

image

2006 වර්ෂයේ දී මෙම ප්‍රදේශයේ කුල දෙකක් අතර මෙම දෙවොලේ භාරකාරීත්වය උදෙසා ඇති වූ ගැටුම් හේතුවෙන් රජයට පවරා ගෙන තිබෙන අතර මෙම දේවාලයේ නම සඳහන් නිහාල් සිං නැමැත්තා මෙහි කළමණාකාරීත්වයේ සිටින්නකු හෝ සිටියෙකු හෝ මෙම ගම් ප්‍රදේශයේ පුද්ගලයෙක් නොවන අතර ඔහු කවරුන්දැයි කිසි කෙනෙක් නොදනී.

මෙම දෙවොල අසල තිබෙන සාප්පු වල එයාර්බස්, බෝයිං වැනි ගුවන් යානා ආදර්ශ විකිණිමට තබා ඇති අතර දිනකට 100 ක් පමණ විකිනෙන බව වෙළඳසැල් හිමියන් පවසයි. කෙසේ වෙතත් මෙම දේවාලයේ කළමණාකාරීත්වය ඉඩකඩ පිළිබඳ ගැටළුවකට මුහුණ දෙන අතර විශාල වශයෙන් ලැබෙන මෙම ගුවන් යානා නිසා ඔවුන්ගේ පූජා මන්දිර ඉඩකඩ ඇහීරී ඇත. මේ නිසා මෙසේ එකතුවන ගුවන් යානා ප්‍රදේශයේ දුප්පත් ළමුන් අතර බෙදා දෙන බව දේවාලයේ කළමණාකාරීත්වය පවසයි.

මෙවන් වු දෙවොලක් සම්බන්ධයෙන් ඉන්දියාවෙන් වාර්තා වීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැත. මන්ද ඔවුන් විවිධ දේවල් වලට වන්දනා මාන කිරීමට පෙළඹී ඇති නිසාය. වරක් එක් ඉන්දියානුවෙක් බැල්ලක විවාහ කර ගත් බවටත් වාර්තා විය. කෙසේ වෙතත් මෙම තොරතුරු ඔබ හා මා බෙදා ගත්තේ ඔබගේ දැන ගැනීම උදෙසා පමණක් වන අතර එම වැඳුම් පිදුම් කරන්නවුන්ට සිනහා වීමට නොවේ. ඒ වගේම මෙම විශ්වාසයන් අවඥාවෙන් බැහැර කිරීමට තරම් ශක්තියක් මේ ස්වාභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ හරිහැටි අවබෝධයක් නැති අපහට කිසිසේත්ම කළ හැකි දෙයක් නොවේ.

7 comments:

  1. ඉන්දියාවෙ 99.99999999999999%ක් ඉන්නෙ පට්ට මෝඩ තකතීරු වාහෙලා කියන එක ඔප්පු කරන්නෙ මේකත් හොඳ සාක්ෂියක්...

    ඇයි දන්නෑ ඕකුන්ට නැව් පූජා කරන්න හිතුන්නැත්තෙ ? සමහර විට හිමින් හයන හින්දා වීසා පරක්කු වෙයි කියලා හිතුවද දන්නෑ.. :D

    ReplyDelete
    Replies
    1. මෙය ද්වේශ සහගත කමෙන්ටුවක් ...

      Delete
  2. ලංකාවේත් තමුන්ගේ වාහනවලට ආරක්ෂාව පතා අවුරුද්දකට වතාවක් රත්තරනින් එම වාහනය හදලා පල්ලිවලට දෙන මිනිසුන්ව මම දන්නවා. ඒ වගේම සමහරු සිගරට් බීමෙන් වළකින්න කියලා රත්තරන් සිගරට් පූජා කරනවා. කවදා කොහොම කොහෙන් ආපුවද මන්දා?

    ReplyDelete
    Replies
    1. LOOK AT THIS

      https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-ash4/q71/s720x720/1098387_10151737804999277_1318751977_n.jpg

      Delete
  3. පූජා කරේ නැතත් වීසා හම්බවෙන්ට කියලා 'වීසා දෙයියන්ට' පුද පූජා තියන අයත් ඉන්නවා...

    ReplyDelete
  4. හැම එකකටම දේවාල තියෙන එකේ ඔය කොන්සෙප්ට් එක ලංකාවෙත් පටංගනීද දන්නෑ.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....