“සිල්ක් රූට්“ පිටවීමේ ගිමන් හල (Silk Route Lounge)

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම (Airport and Aviation Services (Sri Lanka ) Ltd – AASL) වාණිජමය වශයෙන් වැදගත් වන මගීන් (Commercially Important Passengers – CIPs) වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා “සිල්ක් රූට්“ නමින් නව ගිමන් හලක් (Lounge) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ විවෘත කර ඇත. මින් පෙර 2009 වසරේ පැමිණිමේ පර්යන්තයේ මෙවන් වූ ගිමන් හලක් විවෘත කරනු ලැබූ අතර එය මගීන් අතර ඉතා ජනප්‍රිය විය. 

මෙම ගිමන් හලේ දී ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මගීන් විසින් පිටවීමේ හා පැමිණීමේ පර්යන්තයේදී ඉටු කළ යුතු සාමාන්‍ය කාර්යයන් ඉටුකර දෙනු ලබන අතර ඒ කාලය තුල මගියාට මෙම ගිමන් හලේ විවේක ගැනීම කළ හැක. ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් මගීන් ගේ ටිකට්පත් පරීක්ෂාව (Check-In), ආගමන විගමන කාර්යයන්, ගමන් මළු ලබා ගැනීම හා ඒවා පරීක්ෂාව ආදී සියළු දේ සිදු කරන දෙනු ලබන අතර මගියාට එය මහත් පහසුවක් ගෙන දෙනු ලබන බව ගුවන් තොටුපල නිලධාරීන් පවසයි.

මෙම සේවා ලබා ගැනීම සඳහා www.airport.lk යන වෙබ් අඩවියේ ලියා පදිංචි විය යුතු අතර එක් මගියෙක් සඳහා පැය 4 ක කාලයකට ඇමරිකානු ඩොලර් 50 සිට 115 දක්වා වූ පැකේජ අනුව සේවා ලබා ගත හැක. සෑම පැකේජයකදීම වයස අවුරුදු 2 ට අඩු ළමයින් සඳහා මුදල් අය නොකෙරේ.

මෙම ශාලා වල අන්තර්ජාල පහසුකම්, ආහාර පාන ලබා ගැනීම, රූපවාහිනී නැරඹීම සහ පුවත් පත් කියවීම වැනි කාර්යයන් කල හැක.

මීට අමතරව “ලෝටස්“(Lotus), “එක්සකියුටිව්“(Executive), හා “අරලිය“ (Araliya) නමින් තවත් ගිමන්හල් පහසුකම් ගුවන් තොටුපළේ ක්‍රියාත්මක වේ. 

12 comments:

  1. මේවා ව්‍යාපාරික පන්තියේ අයට විතරද ? නැත්නම් ඕනෑම මගියෙකුට මුදල් ගෙවා මෙම සේවාව ලබා ගත හැකිද ? ඩොලර් 115 ක් නම් සාමාන්‍ය මගියෙකුට ටිකක් ලොකු ගානක්..

    ReplyDelete
  2. නෑ සෙන්නා මේක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. 115 කියන්නෙ වැඩිම ගණන. 50 ඉඳන් තියෙනවා.

    ReplyDelete
  3. ස්තූතියි මචං දැනුවත් කලාට...

    ReplyDelete
  4. මේ ගැන ශ්‍රී ලංකන් එකෙන් ප්‍රචාරය දෙනවා නේද? මං හිතුවේ ශ්‍රි ලංකන් එකේ යන අයට විතරයි ඒ පහසුකම් තියෙන්නෙ කියලා. එහෙම නෙමේ නේද?

    ReplyDelete
  5. ඒක නම් හොද අදහසක්...මම නම් Check-In කවුන්ටරය ලග පැය 2ක් විතර හිටගෙන හිටියා....අපෝ එදානම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ....AC ත් නෑ..සුද්දොන්ටත් මල පැනලා...දාඩිය පෙරාගෙන මාර යුද්දයක් කලේ. හරියට සිංහල අවුරුදු දාට පෙරදා කොටුවේ බස්ටේෂන් එකෙන් නුවර බස් එකකට නගින්ට ඉන්නවා වගේ..එදා මොකද්ද ස්ට්‍රයික් එකක් තිබුනා. ඒකයි හේතුව

    ReplyDelete
  6. මේකනම් හොඳ වැඩක් . විශේෂයෙන් විදේශිකයන්ට ලොකු පහසුවක් වේවි කියල හිතෙනවා .

    ReplyDelete
  7. හ්ම්.. ඇත්තටම හොද,වටිනා වැඩක් වේවි තමා.

    ReplyDelete
  8. ස්තුතියි සටහනට .ඒත් වෙනස් යමක් කියන්න හිතුනා ....හැම අවුරුද්දේම දෙතුන් මාසෙකට සැරයක් මෙතැනට යන කෙනෙක් විදියට හා වැඩිපුර ජාතික ගුවන් සේවයේ යන කෙනෙක් විදියට මට පහුගිය කාලෙම දැනුනේ ජාතික ගුවන් සේවයත් මෙතැනත් දෙකම ගුනත්වය අතින් පිරිහිලා කියලා . 2005-2007 වගේ කාල වලට වඩා අපේ සේවා වල ගුනත්වය බැහැලා කියලා දැනෙනවා . ජාතික ගුවන් සේවයේ කාර්යමණ්ඩල ඉස්සර තරම් සුහදශීලී ආචාර සම්පන්න නෑ දැන් . මෙතන ලියන්න නොහැකි උදාහරණ කීපයක්ම තියෙනවා ඒ ගැන නම් . ඒ විතරක් නෙවේ සමහර ප්‍රධාන ගමනාන්ත වලට යන යානා වල පහසුකම් අන්තිමයි . ඉකොනොමි ක්ලාස් සීට්ස් බොහොමයක විඩියෝ ඕඩියො පහසුකම් වැඩ කරන්නේ නෑ .නමුත් හෙඩ් ෆෝන් බෙදාගෙන යනවා .කැටලොග් වල අමරදේවගේ නන්දාගේ සින්දු සහිත sinhala චැනල් තියෙනව කිව්වට අනික් ඔක්කොම අච්චාරු මියුසික් වැඩ කලත් මේ සින්හල සින්දු නෑ .ඒ වගේම සේෆ්ටි ගැන කියන කාර්ටූනය තරමක විහිලුවක් .එහි සේෆ්ටි වලට වඩා පෙන්නන්න හදන්නේ අපේ sinhala ජාතිකතවය .ඒත් මේ ජාතික ගුවන් සේවය මීට වඩා මේව ගැන හිතිය යුතුයි .විශේශ්යෙන් මේ වගේ මගීන්ට විහිලු සැපයීම නොකල යුතුයි .

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් වලට යම්තාක් දුරට එකඟ වෙනවා. යම් යම් පසු බැසීම් දකින්ට හැකියි. මේකට ආර්ථික මෙන්ම වැඩි හරියක් දේශපාලන හේතු බලපානවා. තවත් දෙයක් තමයි අධික ඉල්ලුම. අපේ ගුවන් තොටුපළේ වාර්ෂික ධාරිතාව ඉක්මවා ගියා පසුගිය වසරේ. ඉතින් සෑම දෙයකම වගේ ඉල්ලුම වැඩි වන විට මුල් අවස්ථා වල ගුණාත්මක බව අඩු වෙනවා. ඒ වගේම තමයි ඔබ සඳහන් කළ වීඩියෝ ඕඩියෝ අදහස. මේක මීටත් වඩ බරපතලයි සමහර විදේශීය ගුවන් සමාගම් වල. මම හිතන්නෙ අපේ හොඳයි. සේවක මණ්ඩලයේ ගුණාත්මක බව ගැන කියන කථාවටත් මම සම්පූර්ණයෙන් එකඟ වෙන්නෙ නැහැ. නමුත් යම් පිරිහීමක් සිදු වෙලා තියෙනවානම් ඒකට ප්‍රධාන හේතුව ආයතනයේ නෙමේ. මේකටත් දේශපාලන තීරණ බලපානවා. ආතනයේ ඉහළ නිලධාරීනුත් අසරණයි.
      කෙසේ වෙතත් සුරක්ෂිතතාවය ගැන නම් කිසිසේතු බිය විය යුතු නැහැ. එය උපරිමයෙන් සහතික කර තිබෙනවා.
      අවසාන වශයෙන් සදහන් කළ යුතුයි අපේ ජාතික ගුවන් සේවය මේ කලාපයේ ඉතාම ඉහළ ගුණාත්මක බවකින් යුතු ගුවන් සමාගම බව.
      ස්තුතියි ඔබගේ අදහස් වලට

      Delete
    2. සේවක මණඩලයේ ගුණාත්මකභාවය පිරිහිලා කියන කතාවට මමත් එකඟයි. සමහර වෙලාවට ඉල්ල්ලීමක් කරලා සෑහෙන වෙලාවක් බලන් ඉන්න වෙනවා.. මට අවස්ථා දෙකකදීම අත්දැකීම් තියනවා වතුර ඉල්ලලා නොලැබීම තිබුන. අනිත් කාරණය තමයි සිංහලෙන් කතා කළොත් ගනන් නොගැනීම. සමහර විට හිතනවද දන්නෑ සිංහලෙන් කතා කරන හැමෝම ඉංග්‍රීසි බැරි සුලු රැකියාවක් කරන්න රට ආපු එවුන්, ඕකුන්ව එච්චර ගනන් ගන්ඩ ඕනා නෑ කියලා.

      Delete
    3. සෙන්නා අර ඉංග්‍රීසි කථාව ගැන නම් මමත් එකඟ වෙනවා.

      Delete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....