හුරේ……. අපි දිනුම්

අපි කියන්නෙ ශ්‍රී ලංකාව. දිනුවෙ ජාත්‍යන්තර තරඟයකින්. ඉස්සරලාම මේ වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ තමයි විස්තර.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන්නෙ ගුවන් සේවා සම්බන්ධව තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකට රටවල් 190 ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂාකාරී ගුවන් ගමනකකට අවශ්‍ය ජාත්‍යන්තර කරුණු සම්පාදනය කරන්නෙ මේ ආයතනය.
පසුගිය දිනක මේ ආයතනය ලෝකයේ ජනතාව අතර තරගයක් පැවැත්වූවා අනාගත ගුවන් සේවාව කෙසේ විය යුතුද කියලා. ඒකට හදපු වීඩියෝ එක තමයි ඔය තියෙන්නෙ.
මේ තියෙන්නෙ එම තරඟය පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවිය.
image

මෙහි තරඟය පිළිබඳව විස්තර අඩංගු වෙනවා.
මෙම තරඟයට ලෝකයේ රටවල් 50 කින් පමණ තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටෙනුත් තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා.
අපිත් එක්ක වැඩ කරන දේව් සමරජීව ත් මේ තරඟයට ඉදිරිපත් වෙලා පහළ වීඩියෝ එක සකස් කලා.
මෙන්න මේක ලෝකෙන්ම ප්‍රථමස්ථානයට පත් වෙලා. දේව් ලබන 16 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වලට යනවා මේකට හිමි ත්‍යාගය ලබා ගන්න.
දේව් අපිත් එක්ක ලංකාවේ ගුවන් සේවාවන් ව්‍යාප්ත කරන්න බොහොම මහන්සි වෙන පොඩි කොල්ලෙක්. ඒ ත්‍යාගය එයාට ලැබුණ එක ගැන “අපේ අහස“ සුභ පැතුම් එකතු කරනවා.
ඔය ඉන්නෙ කොල්ලා පහලින්. සමහර විට ඔයාලගෙත් යාළුවෙක් වෙන්නැති.
image
කමෙන්ට් එකක් දාලා සුභ පතන්න පුළුවන් කැමති නම්.

17 comments:

  1. හරිම ආඩම්බරයි . සුභ පැතුම්!

    ReplyDelete
  2. සුබ පතන්න අපිත් එනවා!

    ReplyDelete
  3. හද පතුලින්ම සුභ පැතුම්.

    ReplyDelete
  4. සුබ පැතුම්....!

    ReplyDelete
  5. සුභ පැතුම් .....

    ReplyDelete
  6. Elaz!! Wele weldone!!
    Mewan puthun ratatama wasanawan!!!

    ReplyDelete
  7. මචං ඒ වීඩියෝ එකනම් පංකාදු පහයි
    අපේ රටේ මිනිස්සු හෑබෑම දක්සයෝ
    අපේ කෙනෙක්ගේ දස්කමක් මෙහෙම බෙදා ගත්තු එකට ඔබටත් බොහොම ස්තූතියි

    ඔහුටත් අපගේ ගෞරව පූර්වක ස්තුතිය

    ReplyDelete
  8. අපි වගේ පොඩි රටක මිනිස්සු මේ වගේ ජයග්‍රහණ ලබා ගන්න එක ඇත්තටම සතුටක්.....ජය වේවා.....!!!!

    ReplyDelete
  9. ශාහ් මරුෙන්.......මෙගනුත් සුබ පැතුම්

    ReplyDelete
  10. Wish all the best Dev

    ReplyDelete
  11. හද පතුලින්ම සුබ පතනවා.. මං මුලින් හිතුවේ මත්පැන් බීලා, දිවිනසා ගෙන වගේ මොකක් හරි එකකින් එක වෙලා කියලා.. ජය වේවා..!

    ReplyDelete
  12. හදවතින්ම සුභ පැතුම්..

    ReplyDelete
  13. ලෝකේ හැමතනක්ක්ම දක්ෂයන් ඉන්නවා. අපේ රටේ දක්ෂයන් ඉන්නවා ඒ අයගෙන් වදාගන්නේ නැහැ. දක්ෂකම ලෝකයේ එක කොටසකට වෙන් වෙලා නැහැ.

    ReplyDelete
  14. වදාගන්නේ නැහැ නෙවෙයි.
    වැඩ ගන්නේ නැහැ.


    වරදට සමාව අයදිමි.

    ReplyDelete
  15. ලෝකේ හැමතනක්ක්ම දක්ෂයන් ඉන්නවා. අපේ රටේ දක්ෂයන් ඉන්නවා ඒ අයගෙන් වදාගන්නේ නැහැ. දක්ෂකම ලෝකයේ එක කොටසකට වෙන් වෙලා නැහැ.

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....