ගුවන් තොටුපලෙන් එන්නේ මෙහෙමයි.

මීට පෙර පළ කරපු ලිපියේ සදහන් කළා මගියෙක් කොහොමද ගුවන් තොටුපළට ඇතුළු වෙලා ගුවන් යානයකට ගොඩ වෙලා ගමන් කරන්නේ කියලා. අද මේ ලිපියෙන් බලමු විදේශයක සිට පැමිණෙන මගියෙක් ගුවන් තොටුපලෙන් පිට වෙන්නේ කොහොම ද කියලා. 

ගුවන් යානය ගුවන් තොටුපලේ පර්යන්ත ගොඩනැගිල්ලේ නවතා අවසන් වී ගුවන් සේවිකාවන් විසින් මගින් ට බැසීමට සුදානම් වන ලෙස දන්වන තෙක් මදක් ගුවන් යානයේ රැඳී සිටින්න. ඉන්පසුව තමන්ගේ ගමන් මල්ල (උඩ රාක්කයේ තැන්පත් කළ)  පරිස්සමින් රැගෙන ගුවන් සේවිකාවන් පෙන්වන දොරෙන් හෝ තමන්ගේ ආසනයට ආසන්නම දොරෙන් පිට විය යුතුයි. යානය ගුවන් තොටුපළට සම්බන්ධ කර ඇති අවස්ථාවකදී නම් කෙළින්ම පර්යන්තයට පිවිසිය හැකියි. ඒ “එයරෝ බ්‍රිජ්“ මගින්. පහත රූපය බලන්න.

IMG_0152

එහෙම නැති නම් පුළුවන් පඩි පෙළකින් බැහැලා එතන සිට පර්යන්ත ගොඩනැගිල්ල දක්වා බස් රථයකින් පැමිණෙන්න. ඔය පහළ තියෙන්නෙ ඒ වගේ ඡායාරූපයක්.

bus

මේ වාහනය සහිත පඩිපෙළට කියන්නෙ “ස්ටෙප් ලැඩර්“ කියලා.

ඔය මොන විධියෙන් හරි  ගුවන් යානයෙන් එළියට ඇවිත් පරියන්තයේ ඇවිදින කොට ඉස්සරලාම හමු වන්නෙ ආගමන විගමන කවුළු. මේ ස්ථානයේදී තමන්ගේ ගමන් බලපත්‍රය ඉදිරිපත් කර අවශ්‍ය ලියවිලි මගින් සනාථ කර  ගුවන් තොටුපලේ  ඉදිරියට ගමන් කළ හැකියි.

ඉන් පසුව හමු වන්නේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයයි. .

 Duty Free

මෙහිදී තමන්ට අවශ්‍ය භාණ්ඩ තීරුබදු රහිතව මිළ දී ගත හැකියි. නමුත් විදේශ ගත වී සිටි කාලය අනුව තමයි තීරණය වන්නේ තමන්ට කොපමණ ප්‍රමාණයක භාණ්ඩ ලබා ගත හැකිද කියා. ඒ වගේම මුදල් ගෙවිය හැක්කේ විදේශ මුදල් මගින්. මෙහිදී ටොෆි, චොකලට්, මත්පැන් වගේ දේවලුත් අනෙකුත් ගෘහ විදුලි උපකරණත් තීරු බදු රහිතව මිළ දී ගත හැකියි. ඒ භාණ්ඩ මිළ දී ගැනීම සඳහා අනිවාර්යයෙන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළ යුතුයි.

Duty Free 2

දැන් මේ බඩුත් අරගෙන පහළට එනවිට ගුවන් යානයට ඇතුල් කළ ගමන් මල්ල ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඔය පහළ තියෙන්නෙ ඒ ගමන් මළු ලැබෙන ආකාරය.

Convey Belt1

මේ වගේ පටි බොහෝ ගනනක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ප්‍රශ්ණයක් වෙනවානෙ තමන්ගෙ ගමන් මල්ල තියෙන්නෙ මොන පටියෙද කියන එක. ඒකට විසඳුමක් ලෙස සෑම පටියක් අසලම ඒ පටියේ පැමිණෙන්නෙ කුමන ගුවන් යානයේ මගීන්ගේ ගමන් මළුද යන්න සඳහන් වෙනවා. මේ පහළ තියෙන ඡායාරූපයේ තියෙන්නෙ ඒ වගේ තිරයක්.

baggage Display

දැන් මෙතනදී තමන්ගේ ගමන් මල්ල නිවැරදිව තෝරා ගත යුතු වෙනවා. ඒසේ තෝරා ගත් ගමන් මළු අවශ්‍ය නම් ට්‍රොලියක් භාවිතයෙන් ගෙන යා හැකියි. මෙහිත් පෝටර් වරුන් සිටිනවා.

හදිසියේවත් තමන්ගේ ගමන් මල්ල මේ පටියේ පැමිණියේ නැති නම් ඒ බව එතන තියෙන කවුන්ටරයට පැමිණිලි කරන්න පුළුවන්. ඒ අය එවිට එය සොයා ගැනීමට උදව් කරාවි. යම් හෙයකින් ගමන් මල්ල නැතී වී තිබුණහොත් ඒ බව අදාල ගුවන් සමාගමට දැනුම් දිය හැකියි. එවිට ඔවුන් එය සොයා බලා ඒ සඳහා සුදුසු වන්දි මුදලක් ගෙවාවි.  එ‍සේ නොගෙව්වොත් හෝ සොයා නොබැළුව හොත් ඒ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියට පැමිණිලි කළ හැකියි.

කෙසේ හෝ මෙම ස්ථානයෙන් ගමන් මලු රැගෙන ඉදිරියට එන විට හමු වන්නේ ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්. සාමාන්‍යයෙන් ඔවුන් සෑම මගියෙකු්ම පරීක්ෂා කරන්නේ නැහැ. ඒත් ඒක අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ට දැනුමක් .තිබෙනවා යම් අකටයුත්තක් සිදු වෙනවනම් ඒ බව හඳුනා ගන්න. යම් හෙයකින් ඔවුන් ඔවුන්ගේ රාජකාරිය කිරීමට උත්සාහ කළොත් ඒ සඳහා ඔබගේ උපරිම සහයෝගය ලබා දෙන්න. මේ අවස්ථාවේදී සමහර ඔබ මිළ දී ගත් භාණ්ඩ හා ඒවායේ බිල් පත් ආදිය පෙන්වීමට සිදුවේවී. ඒ වගේම ඔබගේ භාණ්ඩ වලට යම් බදු මුදලක් ගෙවිය යුතු නම් ඒ බවත් ඔවුන් දැනුම් දේවි.

මේ සියල්ල අවසන් කර  ඉදිරයට යන විට ඔබට සංචාරක නියෝජිත ආයතන කීපයක කවුන්ටරුත් කුලී රථ  ලබා ගැනීඹ සඳහා කවුන්ටරුත් පිහිටා තිබෙනවා. ඔබට අවශ්‍ය නම් කුලී රථයක් ලබා ගත හැකියි. නැති නම් තමන්ගේ රථයක් පැමිණ තිබෙනවානම් ඒ වෙත ගමන් කළ හැකියි.  නැතහොත් ගුවන් තොටුපලේ සිට ඇවරිවත්ත/කටුනායක බස් නැවතුම් පළ වෙත පැමිණීමට බස් රථයට ගොඩවිය හැකියි. එලෙසම අවශ්‍ය නම් පයින් ඇවිදගෙන ගොස් ඉදිරිපස පාරේ ත්‍රිරෝද රථයක් ලබා ගැනීමත් කළ හැකියි.

මේ ස්ථානයෙන් එළියට පැමිණිය විට අවශ්‍ය නම් දේශීය බැංකු කීපයක ටෙලර් යන්තු පිහිටා තිබෙන නිසා ඒවායින් මුදල් ලබා ගැනීමටත් හැකියාව තිබෙනවා.

මා මෙහි සඳහන් කලේ අපේ ගුවන් තොටුපලට පැමිණි පසු එයින් පිටතට එන ආකාරයයි. වෙනත් රටවලත් මෙයට සමාන ආකාරයෙන්ම සිදුවෙනවා. ඒ වගේම විදේශයකදී මුදල් මාරු කර ගැනීමේ හැකියාවත් ලැබෙනවා. අපේ ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේත් මේ පහසුකම් තිබෙනවා. තමන් ළග තිබෙන විදේශ මුදල් දේශීය මුදල් බවට පරිවර්ථනය කර ගැනීමට හැකියාව තිබෙනවා.

මේ ලිපියෙන් ඔබට යම් දැනුමක් ලැබෙන්න ඇති. ඒ වගේම මේ කියපු සරල ආකාරයට වඩා වෙනස් විධියේ සිද්ධිත් සිදු වන්න පුළුවන්.

20 comments:

  1. ප්රීශ්ණයක්. ඇයි සමහර රටවල ගුවන් යානයෙන් බැහැලැ බස් එකේ යන්න තියෙන්නේ ? දෝහා ගුවන්තොටුපලේ නගින්නයි බහින්නයි දෙකටම බස් එකේ යන්න ඕන. ඩුබායිවල බහින්න බස් එකේ යන්න ඕන. ලංකාවේ නම් දෙකම සිදුවන්නේ පාලම් මගින්. මොකද්ද මේවගේ වෙනස?
    ඒ වගේම තමයි ලංකාවේ තීරුබදු රහිත පර්යන්තයේ අලෙවි කුටිවල වැඩ කරන සේවකයින්ගේ හැසිරීම. අන්තිම සවුත්තුයි. පේමන්ට් එකේ බඩු විකුනන වෙලෙන්දෝ වගේ. හරිම හිසරදයක්. ගන්න හිතාගෙන ඉන්න දෙයක්වත් ගන්න හිතෙන්නේ නැහැ එයාලගේ බලහත්කාර මැදිහත් වීම් නිසා. සමහර අය තීරැබදු වාසිය තියෙන අයගෙන් ඒවා අඩු ගානට ගන්න උත්සහ කරනවා. මම දන්න හැටියට ඒක නීති විරෝධියි. නමුත් ප්රෙසිද්ධ රහසක් විදිහට ඒවා සිද්ද වෙනවා නේද? මෙවැනි දේවල් නිසා මිනිසුන් තමන්ට ලබා ගන්න තියෙන වාසිය ගැනවත් නොතකා එම ස්ථානයන් මගහැර යනවා. ඔබතුමාලට මේවා ගැන හොයලා බැලීමේ හැකියාවක් ඇතිනම් මේවා ගැන උනන්දුවක් දක්වන්න.

    ReplyDelete
  2. ගීත් ස්තුතියි කමෙන්ට් එකට. විවිධ රටවල විවිධ පහසුකම් භාවිතා කරනවා. ඒ වගේම මේ ගුවන් පාලම් භාවිතයට මුදල් අය කිරීම සිදු වෙනවා. ඉතින් සමහර ගුවන් සමාගම් මිළ අඩු කර ගැනීම උදෙසා ඒවා භාවිතය අවම කරනවා. අර ගුවන් තොටුපලේ තීරු බදු රහිත වෙළඳ පල වල අකටයුතුකම් සිදු වෙන බව ඔබ කිවිවා වගේ ප්‍රසිද්ධ රහසක්. ඒ සම්බන්ධයෙන් යම් බොහෝ අය පැමිණිලි කිරීම් කරන්නෙ නැහැ. අනික ඒ ආයතන පිළිබඳ සොයා බැලීම අපට කළ නොහැකියි. ඒ පැමිණිලි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට හෝ පාරිභෝගික සේවා අධිකාරියට සිදු කළ හැකියි.

    ReplyDelete
  3. අපි ඉතිං රට ගිහිල්ල නැති හින්ද මේ ගැන මොකුත් දන්නේ නෑ.
    @ ගීත් මේක ලංකාවනේ...............
    ලිපිය වැදගත්..

    ReplyDelete
  4. පුන්චි උනත් වැදගත් ලිපියක්..

    ReplyDelete
  5. මට ගොඩක් වැදගත් ලියුමක්... ගොඩක් ස්තූතියි ස‍හෝ...

    ReplyDelete
  6. ගුවන් තොටුපළක් තුල වෙළඳ සංකීර්ණයක් පිහිටුවීමේ පසුබිම මොකක්ද?

    ReplyDelete
  7. @budhajeewa ස්තුතියි කමෙන්ට් එකට. ඇත්තටම ගුවන් තොටුපළක් කියන්නෙ වාණිජ පරමාර්ථයෙන් පවත්වාගෙන යන දෙයක්. ඒවගේ සේවා සපයන ආයතනයක්. තවත් දෙයක් තමයි ගුවන් තොටුපළක් කියන්නෙ සාමාන්‍යයෙන් අනෙක් ආයතන වලින් ටිකක් දුරස්ව පිහිටන දෙයක්. ඉතින් මගීන්ට ඒ ඒ අවස්ථාවේදී අවශ්‍ය වන‍දේ ලබා ගැනීමට ඔවුන්ට පහසු හා ප්‍රියජනක ස්ථානයක් බවට පත්කිරීමටත් මේ දේවල් කරනවා. ඒ වගේම අනෙක් ගුවන් තොටුපළවල් සමග තරග කර තමන්ගේ ගුවන් තොටුපළට මගීන් අද්දවා ගැනීමටත් මේ දේවල් කරනවා. මේවා විතරක් නෙමේ තව අළුත් දේවල් බොහෝ තියෙනවා. උදාහරණයක් විධියට ඉතාම සුළු දෙයක් සඳහන් කරන්න පුළුවන්. ඒ තමයි සින්ගප්පුරු ගුවන් තොටුපලේ ස්ථාන පිහිටුවා තියෙනවා ඕනෑම දුරකතනයක් ‍හෝ කැමරාවක් චාජ් කර ගැනීමට හැකි වන ලෙස. ඒවාට තම දුරකථනය හෝ කැමරාව සම්බන්ධ කර අගුළු දමා එය අවසන් වනතුරු නිදහසේ සිටිය හැකියි. මේ නව හදුන්වා දීම්. ඒවා මගීන්ට පහසුවක් වෙනවා.

    ReplyDelete
  8. @ඉෂාර ගුණවර්ධන: තැංකූ පැහැදිළි කළාට! :)

    ReplyDelete
  9. ගීත් කිව්ව කතාව සහතික ඇත්ත. ලංකාවේ තීරුබදු රහිත පර්යන්තයේ අලෙවි කුටිවල වැඩ කරන සේවකයින්ගේ හැසිරීම. අන්තිම සවුත්තුයි. පේමන්ට් එකේ බඩු විකුනන වෙලෙන්දෝ වගේ. හරිම හිසරදයක්. ඒ පැත්තවත් බලන්නේ නැතුව මම එන්නේ. බැලුවොත් 5-6 දෙනෙක් කෑගහනවා එයාලගේ කුටි වලට ගෙන්නගන්න.
    බඩු ගන්නේ නැත්නම් Allowance එක එයාලට දීලා යන්න කියලා කියන්නේ කොරිඩෝ එකේ ඇවිදගන යද්දී හයියෙන්මයි. කණට කරලා හෙමින් එහෙමත් නෙවෙයි

    ReplyDelete
  10. ගීත් කිව්ව කතාව සහතික ඇත්ත. ලංකාවේ තීරුබදු රහිත පර්යන්තයේ අලෙවි කුටිවල වැඩ කරන සේවකයින්ගේ හැසිරීම. අන්තිම සවුත්තුයි. පේමන්ට් එකේ බඩු විකුනන වෙලෙන්දෝ වගේ. හරිම හිසරදයක්. ඒ පැත්තවත් බලන්නේ නැතුව මම එන්නේ. බැලුවොත් 5-6 දෙනෙක් කෑගහනවා එයාලගේ කුටි වලට ගෙන්නගන්න.
    බඩු ගන්නේ නැත්නම් Allowance එක එයාලට දීලා යන්න කියලා කියන්නේ කොරිඩෝ එකේ ඇවිදගන යද්දී හයියෙන්මයි. කණට කරලා හෙමින් එහෙමත් නෙවෙයි

    ReplyDelete
  11. නොදන්නේ දේවල් රැසක් දැනගත්තා. සරලව, ඒත් අංගසම්පූර්ණව ඒ කාර්යය ඉෂ්ඨසිද්ධ කරල තියෙනවා. මේවගේ හරවත් බ්ලොග් අඩවි තොතෙක් ඇත්ද අපේ ඇසට වසං වෙලා කියල හිතුනා ඔබගේ බ්ලොග් අඩවිය දැක්කහම. ස්තූතියි! සත් සමුදුරට ගොඩවුනාට. එසේ වූයේ නැත්නම් මට ඔබගේ අඩවිය ගැන දැනගන්නට ලැබෙන්නෙත් නැහැ. ඉදිරියටත් මම අපේ අහස නිරීක්‍ෂනයට එනවා. ඔබත් සත් සමුදුර ගවේශනයට එන්න...

    ReplyDelete
  12. පැමිනෙන අයට තීරුබදු රහිතව බඩු දීමේ පරමාර්ථය මොකක්ද?

    ReplyDelete
  13. හරී
    මේක ඇත්තටම ගොඩක් හේතු ඇති දෙයක්. එකක් විදේශයකදී උපයන මුදල් එහිදී වියදම් නොකර අපේ රටේම වියදම් කරවීමට පෙළඹවීම. අනෙක රට වෙනුවෙන් විදේශයක කරන ලද කැපවීමට අගය කිරීමක් සිදු කිරීම. ඒ වගේම ඒක ගුවන් තොටුපලට ආදායමක් ලැබෙන ක්‍රමයක්.

    ReplyDelete
  14. Ape rate wadagatma tanak hadala tiena pramitiya saha ehi niladarin saha sulu sewakain ge gunatmaka bawa metaram phatata watii atte desapalana henchaiiyalage aya wiima nisada? godanagili saha sappu hadana vitat pramitiya natte ai? Mama mein adahas kale ape gewal miita wada pramitiyata api hadala tienawa! Metana sewae inna ayata wadiya hugak ihala mattame aya rata tula itama adu padiyata wada karanawa. Videshikayan palamuwenma ena aga.viga.nila darin itama ahobana ai? hariyata adumakwat adalanat raul wawa gatta kannadi dapu naki papala inne. taruna priya manapa aya ape rate nadda? Mama auwurudu 20 tissema yanawa enawa awankawama mama nan dakinne adupadumai.

    ReplyDelete
  15. Just saw this good article .And may I know, in duty free can we use credit cards Or debit car

    ReplyDelete
  16. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete
  17. මේ ලිපිය නං වටිනව මල්ලි තව දෙයක් තියෙනව දැං අපි බඩු රටින් අරං යනව නං
    ඉලෙක්ට්‍රොනික් අයිටම් වගේ ක‍ටුනායකදි බදු වලට යටත් වෙන්න වෙන අයිටම් තියෙනවද ඒ කියන්නේ සියලුම බඩු ටැක්ස් ‍ෆ්‍රී නෙවෙයි නේද මේ ගැන විස්තරයක් දාන්න පුලුවන්නම් ගොඩක් අයට වැදගත් වෙයි

    ReplyDelete
  18. මට ප්‍රශ්නයක්,
    ඩියුටි ෆ්‍රී ඒකෙන ගන්න ඒවා මාරු කරගන්න පුලුවන්ද?

    ReplyDelete
  19. පෝටර් කනෙක් ගැන කිව්වට එයා මොනවද කරන්නෙ කොහමද එයාගෙ සේවය ලබාගන්නෙ කීයක් ගෙවන්න ඕනෙද කියලා කිව්වෙ නැනේ..?

    ReplyDelete
  20. පෝටර් කනෙක් ගැන කිව්වට එයා මොනවද කරන්නෙ කොහමද එයාගෙ සේවය ලබාගන්නෙ කීයක් ගෙවන්න ඕනෙද කියලා කිව්වෙ නැනේ..?

    ReplyDelete

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....