Skip to main content

මැදිරි සහායකයින්


මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන. මේක ගැන ලියන්න කියලා පසුගිය Post  එකට ප්‍රතිචාරයකුත් තිබුණානෙ.
ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති. 

මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව (Safety) සම්බන්ධව ක‍ටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව  තහවුරු කිරීම වැදගත් වෙනවා. 

විවිධ ගුවන් සමාගම් සැළකූ විට ඒ ඒ ගුවන් සමාගමට උචිත පරිදි සහ රිසි පරිදි මේ නිළධාරීන් බඳවා ගැනීම සිදු කරනවා. බොහෝ ගුවන් සමාගම් මනා‍ පෙනුමක් සහිත පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ උස අඩි 5 කට වැඩි විය යුතුයි. හේතුව විවිධ ආරක්ෂක උපාංග ආදිය රඳවා තිබෙන ස්ථාන ආදයෙන් ලබා ගැනීමත් මගීන්ගේ ගමන් මළු ආදිය ඉහළ රාක්ක වල තැන්පත් කිරීමට මේ උස වැදගත් වීම.
සමහර ගුවන් සමාගම් තම මව් රටේ පුද්ගලයින්ම බඳවා ගැනීම සිදු කරනවා. උදාහරණයක් විධීයට අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම (Srilankan Airlines) අනිවාර්යයෙන්ම මැදිරි සහායකයින් ලෙස ශ්‍රී ලාංකිකයින්ම බඳවා ගනු ලබයි. නමුත් කටාර් ගුවන් සේවය (Qatar Airways), එමිරේට්ස් ගුවන් සේවය (Emirates) වගේ ගුවන් සමාගම් වෙනත් රටවල අයත් බඳවා ගන්නවා. මේ ආයතන වල ශ්‍රී ලාංකිකයිනුත් සේවය කරනවා.
මෙම නිළධාරීන්ට ඉතා විශිෂ්ඨ පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ඔවුන් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන ගුවන් යනා වර්ගය අනුව වෙනස් වෙනවා. හේතුව එක් එක් ගුවන් යානා වර්ගයේ විවිධ උපකරණ තිබෙන ස්ථාන වෙනස් වීම සහ ආරක්ෂක උපක්‍රම එකිනෙකට වෙනස් වීම. ආරක්ෂක උපක්‍රම, ප්‍රථමාධාර, පාරිභෝගිකයින් හැසිරවීම, අන්තරායකාරී භාණ්ඩ (Dangerous Goods)  ආදිය මෙම පුහුණුව ට ඇතුළත් වෙනවා. මේ පුහුණුව සිදු කරන්නේ ඒ ඒ ගුවන් සමාගම විසින්මයි. ඒ කියන්නේ ඔවුන් පළමුව සුදුසුයයි සිතන පුද්ගලයින් බඳවා ගෙන ඒ ඒ ගුවන් යානා වර්ගයට පුහුණු වීම් ලබා දෙනවා. ඉන්පසුව ඒ පුහුණු වීම් ලබාගත් විස්තර සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දෙනු ලබන අතර ඒ අනුව ඔවුන්ට වසර පහක් සඳහා සහතිකයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම වසර 5 න් 5 ට ඒ සහතිකය යාවත්කාලීන කළ යුතු වෙනවා. ඒ ඒ අවස්ථාවේ දී අමතර ගුවන් යානා වර්ග සඳහා පුහුණු වීම් ලැබුවේ නම් ඒවා ද  ඇතුළත් කරනු ලබනවා.   ඒ වගේම මේ තනතුර සදහා වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් එය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙන්න පුළුවන්. 

ශ්‍රී ලංකාවේදී නම් ගුවන් යානයක තිබෙන දොරවල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු වෙනවා. ඒ කියන්නේ A340 වර්ගයේ ගුවන් යානයක නම් ‍දොරවල් 8 ත් තිබෙන නිසා අවම වශයෙන් නිළධාරීන් 8 ක්වත් සේවයේ වයදවිය යුතුය. නමුත් යුරෝපීය සංගමයේදී එය මගීන් 50ට එක් අයෙක් විය යුතුයි. මේ දෙකටම ප්‍රධාන හේතුව ආරක්ෂාව සැළසීම. ඒ කියන්නේ අනතුරකදී වඩා පහසුවෙන් මගීන් හැසිරවීම ට පහසු වීම.
කෙසේ වෙතත් ගුවන් සමාගමක මගීන් හා සෘජුවම සම්බන්ධ වන්නේ මෙම නිළධාරීන් නිසා සහ මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් ක්‍රියාකරන නිසාත් මෙම නිළධාරින් ඉතා ඉහළ සේවයක් ඉටු කරනු ලබනවා. ‍

Comments

  1. Nice Info.. thanx for sharing..!

    ReplyDelete
  2. බොහොම ස්තුති මගේ comment එකට ප්ර ථිචාර දැක්වුවට. මේ වගේ පාඨමාලා හදාරන්න තියෙන තැන් මොනාද? අවැසි සුදුසුකම් මොනාද? කරුණාකර මෙ පිලිබදත් අප දැණුවත් තරන්නේ නම් බොහෝම ස්තුති

    ReplyDelete
  3. @ගීත්(සහෘදයා)
    මම කියලා තියෙනවා වගේ ගුවන් සමාගමට බඳවා ගත්තායින් පසුව තමයි අදාළ පුහුණුව ලබා දෙන්නෙ. ඒ වගේම ගුවන් සමාගම තමයි තීරණය කරන්නෙ බඳවා ගැනීමේ සුදුසුකම මොකක් ද කියලා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාව ඉතිං අනිවාර්ය වෙනවා.

    ලංකාවේ මේ වගේ පාඨමාලා පවත්වන ආයතන තියෙනවා. ඒත් ඒක අමතර සුදුසුකමක් මිස මූලික සුදුසුකමක් නම් නෙවී.

    aato@caa.lk එකට mail එකක් එවන්න. මම මගේ contacts දෙන්නම්. එතකොට අවශ්‍ය නම් තව විස්තර දෙන්න පුළුවන්.

    ReplyDelete
  4. ස්තුති ප්‍රතිචාරයට. ඔන්න මම ඊ මේලක් දැම්මා

    ReplyDelete
  5. මේකත් කියෙව්වා

    ReplyDelete
  6. සතුටුයි බුද්ධි

    ReplyDelete
  7. dannathi jathi godak danagatha gadak thakns

    ReplyDelete
  8. කියෙව්වා. විස්තර වලට ස්තුතියි !

    ReplyDelete

Post a Comment

මොනවා හරි ලියලා ගියොත් හැදෙන්න පුළුවන්....

Popular posts from this blog

ගුවන් තොටුපළේ යන්නෙ මෙහෙමයි

අදට වසරයි කියන‍ පෝස්ට් එකට සංජු දාලා තිබ්බ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් විධියට මේ පෝස්ට් එක දාන්න හිතං හිටියත් දවසෙන් දවස ඒක කල් ගියා. අද ටිකක් වෙලාව අරන් කොහොම හරි මේක ලියන්න ඕනා. දැන් අපි හිතමු යම් පුද්ගලයෙක් විදේශ ගත වෙනවා කියලා. මුලින්ම මේ පුද්ගලයා කරන්න ඕනෙ ගුවන් ප්‍රවේශ පතක් ලබා ගැනීම සහ අදාළ රටට වීසා ලබා ගැනීම.  මේ ගුවන් ටිකට් පත් ලබා ගැනීම පිලිබඳව මම කලින් දාපු ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු කියන පෝස්ට් එක බලන්න. ඒ වගේම යාමට නියමිත රටට වීසා ලබා ගැනීමත් සිදු කළ යුතුයි. මේ සඳහා සුදුසුම දේ ගුවන් ටිකටිපත් ලබා ගන්නා ස්ථානයෙන්ම ඒ විස්තර ලබා ගන්න එක. දැන් අපි හිතමු ගුවන් ටිකට් පත ලබා ගැනීමත් වීසා ලබා ගැනීමත් සිදු කර ුවසානයි කියලා. ඉන් පසුව තිබෙන්නේ ගුවන් ගමන පිටත් වීමට ගුවන් තොටුපළට යාමටයි. මෙහිදී ගුවන් ටිකට් පතේ සඳහන් වන පිටත් වන වේලාවට අවම වශයෙන් පැය 3ට වත් කලින් ගුවන් තොටුපළේ පිටත් වීමේ පර්යන්තයට පැමිණ සිටිය යුතුයි. ගුවන් තොටුපලට ඇතුල් වන විට පළමුවෙන්ම හමු වන්නේ පිටත්වීමේ පර්යන්තයයි. ගුවන් ගත වීමේදී ගෙන යන භාණ්ඩ ද සමග මේ පර්යන්තයට ඇතුළු විය යුතු අතර තමා සමග පැමිණි

සේපාල ඒකනායක - Sepala Ekanayake

ඔබ සමහර විට අහලා ඇති සේපාල ඒකනායක ගැන. හරියටම අදට අවුරුදු 28 ට පෙර එනම් 1982 ජූනි මාසේ 30 වෙනිදා සිවිල් ගුවන් යානයක් ගුවනේ දී පැහැර ගැනීම නිසා ඔහු ප්‍රසිද්ධ වුණා. මේ සිද්ධිය ලාංකීය ගුවන් ඉතිහාසයේ සිදු වුණේ පළමු වතාවට. ඒ වගේම අද වන තුරු ශ්‍රී ලාංකිකයෙක් අතින් එවන් දෙයක් සිදු වී නැහැ. අද දිනය මේ සම්බන්ධයෙන් විශේෂත්වයක් තිබෙන නිසා මා කැමතියි මේ ගැන ලියන්න. සේපාල ඒකනායක ඉපදුණේ 1949 ජූනි මාසේ 03 වෙනි දා දිනයක මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ගමේ. පාසැල් ගියේ හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයට.  අවුරුදු 15 දි විතර නිවසින් වෙන් වන ඔහු කොළඹ ට පැමිණෙනවා. ඉන්පසු 1972 ඔහු ජර්මනියට පැමිණෙනවා. එහිදී ඔහුට ඇනා ඇල්ද්‍රොවන්දි නැමති ඉතාලි සුරූපිණිය හමු වෙනවා. පසුව ඔවුන් දෙදෙනා විවාහ වී ඉතාලියේ මොඩෙනා පෙදෙසේ පදිංචි වෙනවා. ඒ 1980 දී. එහිදී ඉපදෙන පුතාට ඔවුන් “ෆ්‍රී ඒකනායක“ නමින් නම් තබනවා. මෙහිදී සේපාලගේ වීසා එක නැති වෙන අතර ඉතාලියේ දී වීසා ඉල්ලු විට ශ්‍රී ලංකාවට පැමිණ වීසා ලබා ගන්නා ලෙස ඔවුන් පවසනවා. ඒ අනුව ඔහු ලංකාවට පැමිණ වීසා අයදුම් කරනු ලැබූ මුත් වසර හයක් ඒ සදහා බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා. ඔහු ක

අදට වසරයි

මේ ලියන්න යන්නෙ නම් ගුවන් සේවාව ගැන නොවේ. අදට වසරකට පෙර තමයි ‘ අපේ අහස ‘ ට පළවෙනි පෝස්ට් එක දැම්මෙ. මේ වන විට ගුවන් සේවා සම්බන්ධ විවිධ මාතෘකා ඔස්සේ සටහන් 37 ක් පසුගිය වසර පුරාවටම එක් කීරීමට හැකියාව ලැබී තියෙනවා. ඒ සේරටම කමෙන්ට්ස් 173 ක් ලැබිලා තියෙනවා. හැබැයි මේ ගාණ ඇතුලේ තියෙනවා මම උත්තර දීපුවත්. “බ්ලොගර් ස්ටැට්“ වලින් කියන්නෙ නම් 3156 ක් මේ බ්ලොග් එකට ඇවිල්ලා තියෙනවා කියලා. මම පවත්වාගෙන ගිය කවුන්ටර්ස් වල හැටියට ආසන්න වශයෙන් 4000 ක විතර සංඛ්‍යාවක් ඇවිත් තියෙනවා. වැඩිම ගණනක් ඇවිත් කියෙන්නෙ තියෙන්නෙ ලංකාවේ පළමු ගුවන් ප්‍රදර්ශනය කියන පෝස්ට් එක බලන්න. මේ කාල සීමාව තුළ ලැබු ණ සියළු ප්‍රතිචාර මා ධෛර්යයට පත් කරවන ඒවා වීම ඉතාම සතුටට කාරණයක්. ඒ වගේම නිරන්තර සාමාජිකත්වයක් මේ සඳහා සිටින බව 30 ක් විතර වන සම්බන්ධකයින් ( Join with this site) ගණනිනුත් 11  ක් වන Followers   ලා ගණනිනුත් පැහැදිලි වෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙනුත් මට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව පෙනෙන්නෙ ‘අපේ අහස‘ ට  තවත් සාමාජිකයින් ඉන්නවා කියන එකයි. මම මේ ක්ෂේත්‍රයට එන විට දැනගෙන හිටියෙ අහසේ ගුවන් යානා යන බව විතරයි. කටුනායක ගුවන් තොටුප