පළමු ලිපිය බලන්න
දෙවන ලිපිය බලන්න
සැළසුම
2007 සැප්තැම්බර් මාසයේ දී එයාර්බස් සමාගම සදහන් කලේ නව ගුවන් යානය A380 ගුවන් යානය සැකසීමේ දී භාවිතා කළ තාක්ෂණය ම භාවිතා කරමින් සකසන බවත් A380 ගුවන් යානයේ නියමු කුටියට සමාන නියමු කුටියක් මෙම නව යානයේත් සකස් කිරීමට අදහස් කරන බවයි. එලෙසම නියමුවෙකු අතින් සිදුකරන මෙහෙයුම වෙනුවට ඉලොක්ට්‍රොනික උපාංග මාර්ගයෙන් ගුවන් යානය පාලනය වන fly-by-wire ක්‍රමය මෙහිදීද භාවිතා වන බව ඔවුන් වැඩිදුරටත් පැවසීය. මීට අමතරව ඔවුන් සඳහන් කලේ ගුවන් යානයේ අමුද්‍රව්‍ය වලින් 53% ක් සංයුක්ත අමුද්‍රව්‍ය වලින් ද 19% ක් ඇලුමිනියම්-ලිතියම් මිශ්‍රණයකින් ද 14%ක් ටයිටේනියම් වලින්ද 20% ක් ඇළිමිනියම් වලින් ද 6% ක් වානේ වලින් සහ 8% ක් වෙනත් දුව්‍ය වලින් ද සමන්විත වන බවයි. Boeing 787 ගුවන් යානයේ අමුද්‍රව්‍ය සැළකීමේ දී එහි 50% ක් සංයුක්ත අමුද්‍රව්‍ය ද, 20% ක් ඇලුමිනියම් ද, 15 ක් ටයිටේනියම් ද, 10% ක් වානේ සහ 5%ක් වෙනත් දුව්‍ය වලින් ද නිර්මිත විය.
එලෙසම යානයේ ඉහළ ගමන් කරන විට ඇතුළත පීඩන පාලනය, වාතයේ සංසරණය සහ පිරිසිදු බව ආදී දේවල් සඳහා ද ඔවුන් නව සැළසුම් ඉදිරිපත් කරනු ලැබීය.
යානයේ බඳ කොටස Fuselage
නව XWB සැළසුමේ දී ගුවන් යානයේ පළමු දොරේ සිට 4වන දොර දක්වා බඳෙහි පළල ඒකාකාරී ලෙස පවත්වා ගනිමින් භාවිතා කළ හැකි ඉඩ ප්‍රමාණය උපරිම කර ඇත. A330/A340 ගුවන් යානා වල බඳෙහි භාහිර විශ්කම්භය මීටර් 5.64 වුවද නව ගුවන් යායේ එය මීටර් 5.97 තෙක් වැඩි කර ඇත. ඇතුලත විශ්කම්භය නව සැළසුමේ දී මීටර් 5.61 ක් වන අතර Boeing 787 ගුවන් යානා වල එය 5.49 කි. මෙම පලල් බව වැඩි වීම මගින් මගීන් ට වැඩි පහසුවක් සැළසෙන අතර ගමන් මලු ඇහිරීමේ රාක්ක වල ඉඩ ප්‍රමාණයද වැඩි වේ.
පියාපත් Wings
නව ගුවන් යානයට නවීන සුසංහිත පියාපත් සවිකරනු ලබන අතර එහි වර්ග ප්‍රමාණය වර්ග මීටර් 443කි. එය තනි මහලක් සහිත පළුල් බඳ ගුවන් යානයකට භාවිතා කරන විශාලම පියාපත වේ. එක් පියාපතක කොණක සිට අනෙක් පියාපතේ කොණ තෙක් පළල (wingspan) මීටර් 64.8 වන අතර මෙය එයාර් බස් 330 ගුවන් යානයට වඩා මීටර් 4.5 ක වැඩි වීමකි. පියාපත් අග කෙළවර අනෙක් එයාර් බස් ගුවන් යානා පියාපත් වලට වඩා වැඩියෙන් වක්‍රාකාරව ඉහළට නමා ඇත. මෙම පියාපත් නිපදවා ඇත්තේ ‘බ්රොග්ටන්‘ හි පිහිටි නව එයාර් බස් කර්මාන්ත ශාලාවේ දීය.
ගුවන් යානයේ මුහුණත Nose
(පින්තූරය විකිපීඩියා වලිනි)
නව ගුවන් යානයේ මුහුණත එයාර්බස් 380 ගුවන්යානයේ ඉදිරි පස පෙනුමට බොහෝ සමානව සකසා ඇති අතර කොටස් 6කින් යුක්තව ඉදිරිපස වීදුරුව (සුළං මුවාව) සකසා ඇත. මුහුණතෙහි නව සැළැස්ම හේතුවෙන් ගුවන් යානයේ කාර්යක්ෂමතාව ඉහළ යන අතර කාර්ය මණ්ඩල විවේකස්ථාන යානයේ තවදුරටත් ඉදිරියට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. නව සුළං මුවාව මගින් නියමුවන්ට ඉදිරිපස පෙනෙන ප්‍රදේශය තවත් වැඩි කර ඇත.
නියමු කුටිය හා ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතිය Cockpit and avionics
ගුවන් යානයේ නියමු කුටිය ද නවතාවයකින් යුතුව සැළසුම් කර ඇති අතර එහි සෙන්ටි මීටර් 38 ක පළලකින් යුතු LCD තිර භාවිතා කරමින් ගුවන් සංතරණ පද්ධතිය වැඩි දියුණු කර ඇත එළෙසම විවිධ සංවේදක හා කුම උපයෝගී කර ගනිමින් විශාල තොරතුරු පුමාණයක් ගුවන් යානය මෙහෙය වීම සඳහා භාවිතා කරනු ලබයි.
ගුවන් යානවේ වැඩි දියුණු කළ ගුවන් ඉලෙක්ට්‍රොනික පද්ධතියක් භාවිතා කරන අතර 40 ක් පමණ වූ විවිධ ක්‍රියාකාරකම් මෙමගින් පාලනය වේ. එයාර් බස් 380 ගුවන් යානයේ මෙම සංඛ්‍යාව 23 ක් පමණ වේ. මෙම නව ක්‍රියාකාරකම් අතරට ඉන්ධන පාලනය, අභ්‍යන්තර වායු තත්වය, ඇතුළත මගී පරිසරය, ගිනි ආරක්ෂික පද්ධතිය ආදිය සඳහන් කළ හැක.
බල සැපයුම Power plant
අළුතින්ම සැළසුම් කරන ලද එන්ජින් දෙකකින් ගුවන් යානයට බලය සපයනු ලබන අතර මූලිකම ගුවන් යානය වන A350 – 800 ගුවන් යානයේ උපරිම එසවුම් බර ටොන් 248 ක් පමණට මෙම නව එන්ජින් වලින් බලය සපයයි. එලෙසම මෙම එන්ජින් විවිධ පරිසර තත්වයන් විශේෂයෙන් අධික උෂ්ණත්වය සහ මුහුදු මට්ටමේ සිට වැඩි උසකින් යුතු ප්‍රෙද්ශ සඳහා යෝග්‍ය වන පරිදි වෙනමම සැළසුම් කරනු ලබයි. එලෙසම ශබ්ධය ද අඩු කර ඇති අතර ඉන්ධන කාර්යක්ෂමතාය ද වැඩි කර ඇත. බෝයිං ගුවන් සමාගමේ “ඩ්‍රීම්ලයිනර්“ ගුවන් යානයේ බල සැපයුමේ ඇති වූ දෝෂද මෙම නව යානයේ මග හැරවීමට එයාර්බස් සමාගම කටයුතු කරමින් සිටී.
අවසාන කොටස බලාපොරොත්තු වන්න