නග්ගන්න බස්සන්න තියෙන දිගම, කොටම සහ උසම ඒවා (The Highest, Longest and Shortest Runways in the World)

අපේ ගුවන් තොටුපලේ තියෙන ධාවන පථය මීටර 3300 ක් විතර දිගයි. මුහුදු මට්ටමේම තමයි පිහිටලා තියෙන්නෙ. දැන් මේකට ලෝකෙ තියෙන ලොකුම ගුවන් යානයටත් එන්න පුළුවන් කියලා දන්නවානෙ. 

ලෝකයේ භුවිෂමතාවය සහ අවශ්‍යතාවය අනුව ගුවන් තොටුපළවල් විවිධ ස්ථාන වල පිහිටුවා තියෙනවා. ඉතින් අද මම කියන්නෙ ලෝකයේ දිගම, උසම සහ කෙටිම ගුවන් ධාවන පථ මොනවද කියලා.

අපි මුලින්ම බලමු දිගම සහ උසම එක. මේ ස්ථාන දෙකම හිමිවන්නෙ එකම ගුවන් ධාවන පථයකට. ඒ තමයි චීනයේ ටිබෙට් දේශයේ තියෙන කැම්ඩෝ බැම්ඩා (Qamdo Bamda Airport) නැති නම් චන්ග්දු බණ්ග්ඩා (Changdu Bangda Airport) ගුවන් තොටුපළේ ධාවන පථය.

මේ තියෙන්නෙ එහි චන්ද්‍රිකා ඡායාරූපයක්

ඔන්න ගුවන් යානයකුත් ඇවිල්ලා. පහසුකම් අඩුයි. බැහැලා පයින් තමයි යන්න වෙන්නෙ.

image

මෙම ගුවන් තොටුපළ මුහුදු මට්ටමේ සිට මීටර 4334 ක් ඉහළින් පිහිටා තිබෙන අතර දැනට ලෝකයේ ඉහළින්ම පිහිටා තිබෙන සිවිල් ගුවන් ධාවන පථයයි.ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයෙන් මේ ගුවන් තොටුපළට ලබා දී ඇති කේතය ZUBD  වන අතර ජාත්‍යන්තර ගුවන් පුවාහන ආයතනයෙන් ලබා දී ඇති කේතය වන්නේ BPX ය.

මෙය ලෝකයේ දිගම ගුවන් ධාවන පථයද වන අතර දිගින් මීටර 5500 ක් පමණ වේ. වාතයේ ඝනත්වය අඩු නිසා ගුවන් ගත වීමට අවශ්‍ය බලය ලබා ගැනීමට ගුවන් යානා වැඩි දුරක් ධාවනය කළ යුතු වීම මෙම දිගින් වැඩිවීමට හේතුවයි. සාමාන්‍යෙයන් ධාවන පථය මුහුදු මට්ටමේ සිට ඉහලට යන විට දිගින් ද වැඩි වෙනවා.

ප්‍රධාන වශයෙන්ම එයාර් චයිනා ගුවන් සමාගම මේ ගුවන් තොටුපළට මෙහෙයුම් කරනවා.

මේ තියෙන්නෙ පර්යන්ත ගොඩනැගිල්ල

image

දැන් බලමු කෙටිම ගුවන් ධාවන පථය කුමක්ද කියලා.

කැරිබියන් දූපත් සමූහයේ තිබෙන සබා (Saba) දූපතේ පිහිටා තිබෙන Juancho E. Yrausquin Airport ගුවන් තොටුපළේ ධාවන පථය ලෝකයේ වාණිජ වශයෙන් භාවිතා වන කෙටිම ගුවන් ධාවන පථයයි. මෙහි දිග මීටර 396 ක් වෙනවා. මුහුදු මට්ටමේ සිට මීටර 18 ක් පමණ ඉහළින් මෙය පිහිටා තිබෙනවා.

මේ තියෙන්නෙ ගුවනට පෙනෙන ආකාරය. 

මෙහි ගොඩබෑම් කළ හැක්කෙ කුඩා ගුවන් යානා වලට පමණයි. වැඩිපුරම භාවිතා වන්නේ Twin Otter සහ BN-2 Islander වර්ගයේ ගුවන් යානා කියලා තමයි විකිපීඩියා කියන්නෙ. ජෙට් ගුවන් යානා භාවිතා කළ නොහැකියි. හෙලිකොප්ටරුත් ගොඩබෑමට හැකියි.

මේ තියෙන්නෙ පර්යන්ත ගොඩනැගිල්ල.

ලෝකයේ දිගම ගුවන් ධාවන පථය හමුදාමය සහ අභ්‍යවකාශ කටුයුතු වලට භාවිතා වන එකක්. ඇමරිකාවෙ තමයි පිහිටලා තියෙන්නෙ. Edwards Air Force Base නමින් තමයි හඳුන්වන්නෙ.