හුරේ……. අපි දිනුම්

අපි කියන්නෙ ශ්‍රී ලංකාව. දිනුවෙ ජාත්‍යන්තර තරඟයකින්. ඉස්සරලාම මේ වීඩියෝ එක බලන්නකෝ. ඊට පස්සේ තමයි විස්තර.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය කියන්නෙ ගුවන් සේවා සම්බන්ධව තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේකට රටවල් 190 ක් පමණ සම්බන්ධ වෙලා තියෙනවා. ආරක්ෂාකාරී ගුවන් ගමනකකට අවශ්‍ය ජාත්‍යන්තර කරුණු සම්පාදනය කරන්නෙ මේ ආයතනය.
පසුගිය දිනක මේ ආයතනය ලෝකයේ ජනතාව අතර තරගයක් පැවැත්වූවා අනාගත ගුවන් සේවාව කෙසේ විය යුතුද කියලා. ඒකට හදපු වීඩියෝ එක තමයි ඔය තියෙන්නෙ.
මේ තියෙන්නෙ එම තරඟය පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවිය.
image

මෙහි තරඟය පිළිබඳව විස්තර අඩංගු වෙනවා.
මෙම තරඟයට ලෝකයේ රටවල් 50 කින් පමණ තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ රටෙනුත් තරඟකරුවන් ඉදිරිපත් වෙලා තියෙනවා.
අපිත් එක්ක වැඩ කරන දේව් සමරජීව ත් මේ තරඟයට ඉදිරිපත් වෙලා පහළ වීඩියෝ එක සකස් කලා.
මෙන්න මේක ලෝකෙන්ම ප්‍රථමස්ථානයට පත් වෙලා. දේව් ලබන 16 වෙනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරීඩා වලට යනවා මේකට හිමි ත්‍යාගය ලබා ගන්න.
දේව් අපිත් එක්ක ලංකාවේ ගුවන් සේවාවන් ව්‍යාප්ත කරන්න බොහොම මහන්සි වෙන පොඩි කොල්ලෙක්. ඒ ත්‍යාගය එයාට ලැබුණ එක ගැන “අපේ අහස“ සුභ පැතුම් එකතු කරනවා.
ඔය ඉන්නෙ කොල්ලා පහලින්. සමහර විට ඔයාලගෙත් යාළුවෙක් වෙන්නැති.
image
කමෙන්ට් එකක් දාලා සුභ පතන්න පුළුවන් කැමති නම්.