එන්ඩලා…… එන්ඩලා…. දැන් පෙන්වනවා

මම එදා කිව්වනෙ “දැයට කිරුළ“ ප්‍රදරශණයට අපි ප්ලේන් එකක් ගෙනියනවා කියලා. ඉතින් ඒක බලන්න මහ සෙනගක් ආවා. තවමත් එතනට තමා සෙනග වැඩියෙන් එන්නෙ. මේ තියෙන්නෙ විස්තරේ පින්තූර වලින්ම. බොරු නම් බලන්න.

DSC_0047

DSC_0179

මෙතනම උණු වායු බැලුමකුත් අපි ප්‍රදර්ශණය කලා. මේ තියෙන්නෙ ඒක.

DSC_0177

මේ ඉන්නෙ කට්ටිය යන්න ලෑස්තු වෙලා ප්ලේන් එකේ.

DSC_0033

ඉස්කෝලෙ ළමයින්ටත් ඉවසිල්ලක් නෑ බලනකම්.

DSC_0004

DSC_0051ඉතින් තව ෆොටෝ නම් ඕන තරම්. ළග පාත ඉන්නවනම් බලලා යන්න එන්න. තව වැඩිපුර දවස් දෙකකුත් තියෙනවානෙ.

අනුරාධපුරේට ප්ලේන් එකක් බාලා

ඔව් ඉතින් එහෙ එයාර්පෝට් එකක් තියෙනවානෙ. ඕක කියන්නත් දෙයක්ද? මේ කියන්නෙ ඇත්ත. ඔන්න අපි එහෙ සවිකළා AN24 වර්ගයේ ගුවන් යානයක්. නගින්න බහින්න බලන්න නිදහසේ පුළුවන්.
හරි හරි ඔන්න සරලවම කියනවා. අනුරාධපුරේ “දැයට කිරුළ“  ප්‍රදර්ශණ භූමියේ අපි ඇත්තම ගුවන් යානයක් සවි කරල තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. මතකනේ ගිය සැරේ බුත්තල තිබුණ දැයට කිරුළ ප්‍රදර්ශණයේ යානය. ඒක තවත් අංග සමග එහි ස්ථාන ගත කළා.
මේ පහළ තියෙන්නෙ ඒ බුත්තල භූමියේ තිබුණ යානය.
IMG_1704
මේ තියෙන්නෙ යානයේ ඇතුළත දර්ශනයක්
IMG_1647
මේ බලන්න කොච්චර ආසාවෙන්ද ඒ අය ඉන්නෙ කියලා
IMG_1645
මේ බලන්න කොච්චර සෙනග ආවාද කියලා. මේ නිසාමයි අපි මේක මේ සැරෙත් පෙන්නන්න හිතුවෙ.
IMG_1683
මේ යානය ඇතුළට ගියාම ඇත්තටම තමන් ගුවන් ගමනක් ගියා වැනි හැඟීමක් ඇති වෙනවා. මේක මේ වගේ දුර පළාතක ඉන්න ගුවන් යානයක යන්න අවස්ථාවක් නැකි අයට ඉතා හොඳ අත්දැකීමක් බව අපට පසුගිය වාරයෙත් පැහැදිලි වුණා.
මීට අමතරව එතන තියෙනවා ගුවන් යානයක් හසුරුවන්නෙ කොහොමද කියලා කියා දෙන සරල ආකෘතියක්. ඒක ඉතාම වැදගත් වේවි බලන්න එන අයට බොහෝ දේ ඉගෙන ගන්න.
ඉතින් එන්න සේරම අපේ ගුවන්යානය බලන්න. ආ අනික මමත් ඉන්නවා එතන 8 වෙනිදා වෙනකම්. (මාව බලන්න එන්න එපාHot smile)