ප්‍රථම වරට ලෝකයේ විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය A380 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ගොඩබායි. (World’s Largest Passenger A380 Aircraft First Time in Sri Lanka)

ඔබ දන්නවානෙ දැනට ලෝකයේ තියෙන විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය වන්නේ එයාර් බස් සමාගමේ A380 වර්ගයේ ගුවන් යානයයි. පිරිමැසුම් පන්තියේ (Economy Class) ආසන 800 ක් පමණ මෙහි සවි කළ හැකියි. ව්‍යාපාරික පන්තියේ ආසනත් සමග මගීන් 550 ක් පමණ ගෙන යා හැකියි. දැනට ලෝකයේ විශාල ගුවන් සමාගම් වන එමිරේට්ස් (Emirates), සිංගප්පූර් එයාර්ලයින්ස් (Singapore Airlines), කොන්ටාස් (Qantas) වැනි ගුවන් සමාගම් මේ යානා භාවිතා කරනවා.

අපේ ගුවන් තොටුපල මේ ගුවන් යානය ගොඩබෑම සඳහා පසුගිය කාලයේ සූදානමක් කළ අතර යම් යම් තත්ව යටතේ මේ දැවැන්ත යානය ගොඩ බෑමට හැකියාව දැන් තිබෙනවා. ගුවන් පථයේ දිග හා පලල ආදිය විශේෂයෙන් මේ සඳහා බලපානවා. මේ සම්බන්ධයෙන් ලිපිය මෙතනින් බලන්න.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි 9 වන දින අළුයම හදිසියේ මේ දැවැන්ත යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩ බානු ලැබුවා.

මේ පහල තියෙන්නෙ ඒ සම්පුර්ණ වීඩියෝ ක්ලිප් එක.

ගුවන් ධාවන පථයේ දිග අඩු නිසා (යානයට ගැලපෙන පරිදි) සාමාන්‍ය තත්වයන්ට වඩා තිරිංග යෙදීමට සිදුවූ අතර ඉන්පසුව නැවැත්වීම සඳහා ගෙන ඒමේදී පිටත එන්ජින් ක්‍රියා විරහිත කිරීමට සිදු වී තිබෙනවා. ඒ වගේම වැඩිපුර තිරිංග යෙදීම නිසා රත්වු ටයර සිසිලනය කිරීමද සිදු කර තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය වන්නෙ මේ සියළු ක්‍රියාකාරකම් සාමාන්‍ය දේවල් බවයි.

මේ යානය ඕස්ට්‍රේලියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරන අතරේ ඉන්ධන ලබා ගැනීම සඳහා තමයි මෙහි පැමිණ තිබෙන්නෙ. ඒ වගේම මේ ගොඩ බෑම සිදුවී තිබෙන්නෙ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු මේ සම්බන්ධයෙන් කටයුතු කරන සහ සේවා සපයන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ. .ඒ වගේ මේ ගොඩ බෑම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය ලක් රජය වෙනුවෙන් කලින්ම ලබා දී තිබුණා.

මේ ගොඩ බෑම මගින් ඒ විශාල ගුවන් යානය අපේ ගුවන් තොටුපළට ද ආරක්ෂාකාරීව ගොඩ බෑම සිදු කළ හැකි බව තහවුරු වූ අතර ශ්‍රී ලංකාවේ අනාගත ගුවන් සේවා කර්මාන්තයේ සංවර්ධනයට එය මහත් පිටිවහලක් වනු ඇති බව නිසැකයි.